අප්‍රිකානු කුඩා මුවන් සහජයෙන්ම “අවදිව සිටින චක්‍ර” සාදා ගත්තෝය. ඒ තණ පිට්ටණිවල නිවාඩුවේ සිටින වේලාවලය. උන් කණ්ඩායම් ලෙස චක්‍රයක් සාදා ගෙන එකිනෛකා එක් එක් දිසාව දෙස බලා සිටිති. එම ක්‍රමයෙන් උන්ට අංශක 360 ක වටයක් බලා සිටීමට පුළුවන් වේ. එන උවදුරු හෝ භයානක අවස්ථාවන් ගැන අනිත් සතුන්ට සංනිවේදන කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙන්නේය.

තමා ගැන පමණක් නොබලා කණ්ඩායමේ සතුන් එකිනෙකා ගැන බලා ගන්නෝය. යේසුස්වහන්සේ අනුගමණය කරන්නන්ටද දෙවියන්වහන්සේගේ ප්‍රඥාව මෙයයි. බයිබලය අපව දිරිමත් කරන්නේ “තවද ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොළඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබා ගනිමු” (හෙබ්‍රෙව් 10:24-25) කියාය.

තනියෙන් යමක් කිරීම කිතුණුවන්ගෙන් බලාපොරොත්තු නොවන බව හෙබ්‍රෙව් කර්තෘ පවසයි. එකතු වූ විට අපි ශක්තිමත්ය. එවිට එකිනෙකා දිරිමත් කිරීමටද (25 පදය) “අපි දෙවියන්වහන්සේගෙන් ලැබූ සැනසිල්ල කරණකොට ගෙන කොයි පීඩාවක් නමුත් විඳින්නන් සනසන්ටද” (2 කොරින්ති 1:4) අපට හැකිවනු ඇත. “ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ” (1 පේත්‍රෑස් 5:8) ඇවිදින යක්‍ෂයාගේ උපක්‍රම ගැන අවදිව සිටින පිණිස එකිනෙකාට උපකාර කිරීමට අපට පුළුවන.

එකිනෙකාට අප උදව් කිරීමේ අරමුණ පැවතීම පමණක් නොවේ. ඒ අප යේසුස්වහන්සේ මෙන් වන පිණිසය. මේ ලෝකයේ ප්‍රේමණීය සහ කාර්යක්‍ෂම සේවකයන් වන පිණිසය. එනම්, පැමිණෙන උන්වහන්සේගේ රාජ්‍යයේ සෙනග ලෙසය. අප සියලු දෙනාට ධෛර්්‍යය අවශ්‍ය වේ. අප ප්‍රේමයෙන් උන්වහන්සේ වෙත ළංවෙන විට එකිනෙකාට උදව් කිරීමට දෙවියන්වහන්සේ අපට උපකාර කරනු ඇත.