ෆොරස්ට් ග්‍රම්ප් යන ප්‍රබන්ධ චිත්‍රපටියේ “ෆොරස්ට්” දිවීම නිසා සුප්‍රසිද්ධ වේ. පාරේ කෙළවරට ව්‍යායාමයක් ලෙස කළ දිවීම වසර 3 කුත් මාස දෙකහමාරක් අඛණ්ඩව පැවතුණි. ඔහුගේ ඉලක්කය වෙත පැමිණී සෑම විටම ඔහු තව දුර ඉලක්කයක් තබා ගෙන දුවයි. එක්සත් ජනපදය පුරා ඔහු දිව යයි. නමුත් එක් දිනකදී ඔහුට එය එපා යැයි සිතුණි. ඔහුගේ දිවීම ආරම්භ වූයේ ඒ සිතීම තුළිනි. “එදින කිසිම ප්‍රායෝගික හේතුවක් නොවූවත් පොඩි දිවීමකට යා යුතුයයි තීරණය කළෙමි” කියා ෆොරස්ට් කියයි.

ෆොරස්ට්ගේ සුරංගනා දිවීමට පරස්පරව අපෝස්තලු පාවුල් තම පාඨකයන්ට තමා අනුගමණය කරමින් තෑග්ග
“ලබා ගන්නා පිණිස දුවන්න” (1 කොරින්ති 9:24) කියා පවසයි. විනය ඇති ක්‍රීඩකයන් මෙන් අපගේ දිවීම එනම් : අපගේ ජීවිතයෙන් සමහර විනෝදයන් එපා කිරීමට අපට සිදුවේ. අපගේ අයිතිවාසිකම් අත්හැරීමට අප කැමති වීමෙන් පාපයෙන් සහ මරණයෙන් අන් අය ගළවන පිණිස යහපත් ආරංචිය ගෙන යාමට අපට උපකාර ලැබේ.

අප සමග දිවීමට අන් අය කැඳවීමේ ඉලක්කයට අපගේ මනස සහ සිත පුහුණුකර තිබෙන විට අපට පරම ත්‍යාගය පිළිබඳ ස්ථිරකම ලැබේ. ඒ දෙවියන්වහන්සේ සමග සදාකාලික සහභාගීත්වයයි. දෙවියන්වහන්සේ දෙන ජයග්‍රාහී ඔටුන්න සදාකාලයට පවතී. අප එය ලබා ගන්නේ උන්වහන්සේගේ ශක්තිය මත යැපි උන්වහන්සේ ගැන දැනුවත් කිරීමේ අරමුණින් දිවීමෙනි. එය දිවීම සඳහා කෙතරම් අනර්ඝ හේතුවක්ද!