“තාත්තේ ඔයා කොහේද?” මම අපගේ වත්තට මෝටර් රථය ඇතුල් කරන විටම මාගේ දියණිය කලබලයෙන් මාගේ ජංගම දුරකථනයට කථා කළාය. සවස 6.00 වන විට මා නිවසට පැමිණිය යුතු විය. ඒ ඇයව පුහුණුවකට ගෙන යාමටය. මම වෙලාවට පැමිණ සිටියෙමි. මාගේ දියණියගේ කටහඬ ඇගේ අවිශ්වාසය ඉස්මතු කළේය. ප්‍රතික්‍රියාවක් ලෙස “මම මෙහේ! ඇයි ඔයා මාව විශ්වාස කරන්නේ නැත්තේ” කියා ඇසුවෙමි.

නමුත් මා ඒ වචන කී විට මම කල්පනා කළේ මගේ ස්වර්ගීය පියාණන් වහන්සේ එය කී වරක් මාගෙන් අසන්න ඇද්ද” කියාය. ආතතිය ඇතිවන අවස්ථාවල මමද ඉවසීම නැති කර ගතිමි. උන්වහන්සේගේ පොරොන්දු විශ්වාස කිරීමට මමද අරගල කරමි. එම නිසා “පියාණෙනි ඔබ කොහේද?” කියා මම අසමි.

අවපාතය සහ අවිනිශ්චිත භාවය මධ්‍යයෙහි සමහර විට මට දෙවියන්වහන්සේගේ අභිමුඛය ගැන සැක සිතේ. ඉශ්‍රායෙල්වරුද එසේ කළෝය. ද්වීථිය කථාව 31 හි ඔවුන්ගේ නායකයා වන මෝසෙස් ඔවුන් සමග නොයන බව දැන ගෙනම ඔව්හු පොරොන්දු දේශයට ඇතුල්වීමට සුදානම් වූහ. මෝසෙස් දෙවියන්වහන්සේගේ සෙනගට ස්ථිර කළේ “ස්වාමින්වහන්සේම නුඹට පෙරටුව යන සේක. උන්වහන්සේ නුඹෙන් අහක්ව යන්නේවත් නුඹව අත්හරින්නේවත් නැත. භය නොවන්න. නොකැළඹෙන්න” (8 පදය) කියාය.

දෙවියන්වහන්සේ සැම විට අප සමග සිටින්නේය යන පොරොන්දුව සෑම විටම අපගේ ජීවිතයේ ඇදහිල්ලේ මුල් ගල වන්නේය (මතෙව් 1:23; හෙබ්‍රෙව් 13:5). ඇත්තෙන්ම එළිදරව් 21:3 හි උච්චත්වය වන්නේ මෙම වදන්ය.
“මෙන්න දෙවියන්වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමගය. උන්වහන්සේ ඔවුන් සමග වාසය කරන සේක”

දෙවියන්වහන්සේ කොහේද? අපගේ යාච්ඤාවන්ට සවන් දීමට සුදානමින් උන්වහන්සේ මේ තැනය. මේ දැන්ය. අපිත් සමගය.