ඝණ වනාන්තරයක සටන් කරන සොල්දාදුවන් කණ්ඩායමකට අසහනකාරී ගැටළුවක් මතුවිය. අනතුරු ඇඟවීමක් නොමැතිව තියුණු කටු සහිත වැල් වර්ගයක් ඔවුන්ගේ ශරීරයෙහි සහ භාණ්ඩවල පැටළී ඔවුන් සිරවුණි. ඔවුන් නිදහස් වීමට උත්සාහ දරණ විට ගස්වල කටු සහිත රිකිළි තව තවත් ඔවුන්ව ග්‍රහණය කර ගනිති. එම වැලට සොල්දාදුවෝ “විනාඩියක් ඉන්න” කියා නම් තැබූහ. ඊට හේතුව ඔවුන් සිරවී සිටින නිසා අනිත් සොල්දාදුවන්ට “විනාඩියක් ඉන්න. මම සිරවෙලා” යැයි කෑගැසීමට සිදුවූ නිසාය.

එසේම අප පාපයෙන් දැවටී සිටින විට ඉදිරියට යාමට යේසුස්වහන්සේගේ අනුගාමිකයන්ට අසීරුය. හෙබ්‍රෙව් 12:1 හි කියන්නේ “සියලු බරද පහසුවෙන් අපව හසුකරන පාපයද ඉවත දමා” උනන්දුවෙන් දිවීමටය. එහෙත් අපව බර කරන පාපය අප ඉවත දමන්නේ කෙසේද?

අපගේ ජීවිතවල අපට කරදර කරන පාපයෙන් අප ගළවා ගත හැක්කේ යේසුස්වහන්සේට පමණි. අපගේ ගැළවුම්කරfැවාණන් වන උන්වහන්සේ කෙරහි දෑස් තබා ගමු (12:2 පදය). මක්නිසාද දෙවියන්වහන්සේගේ පුත්‍රයා සියලු ආකාරයෙන් මනුෂ්‍යයෙකු ලෙස පැමිණි නිසා පාපයට නොවැටී පරීක්‍ෂාවට මුහුණ දීමට උන්වහන්සේ දන්නා හෙයිනි (2:17-18; 4:15). අප තනිව අපගේ පාපයෙහි හසුවී ඉන්නවා විය හැකිය. නමුත් පරීක්‍ෂාව ජයගැනීම දෙවියන්වහන්සේ අපගෙන් බලාපොරොත්තු වන සේක. ඒ අපගේ ශක්තියෙන් නොවේ. උන්වහන්සේගේ ශක්තියෙන් අප හසුකරන පාපය ඉවත දමා උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පසුපස අපට දිවිය හැකිය (1 කොරින්ති 10:13).