මාගේ පවුලේ කෙනෙකු වෙනත් ධර්මයකට හැරුණු විට මාගේ කිතුණු මිතුරන් මට ආයාචනා කළේ නැවත යේසුස්වහන්සේ වෙත හැරෙන්න යයි ඇයට කියන ලෙසටයි. ඇගේ විදේශීය පෙනුමක් ඇති ඇඳුම්වලට සමහර රැවුම් කළ පොදු ස්ථානවලදී පවා ක්‍රිස්තුස්වහන්සේ ප්‍රේම කරන්නාක් මෙන් මාගේ පවුලේ කෙනාට මම ප්‍රේම කිරීම ආරම්භ කළෙමි. තවත් සමහරු ඇයට කෲර වචන කීවෝය. එක් මනුෂ්‍යයෙක් ලොරියක සිට
“ගෙදර යන්න” කියා ඇයට කීවේය. ඇයගේ ගෙදර එය බව ඔහු දැන සිටියේ නැත.

අවනත් ඇදහිලි හෝ ඇඳුම් ඇති ඇයට සැලකීමේ වඩා කරුණාවන්ත ක්‍රමයක් මෝසෙස් ඉගැන්වීය. සාධාරණත්වය සහ දයාව උගන්වමින් මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ට ප්‍රකාශ කළේ “විදේශිකයෙකුට අයුත්තක් හෝ පීඩාවක් නොකරන්න. මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටි බැවින් විදේශියාගේ සිත දන්නහුය” (නික්මයාම 23:9) කියාය. එම පනත පෙන්නුම් කරන්නේ පක්‍ෂපාතිත්වයෙන් සහ අපහාසයෙන් පීඩා විඳින සියලු අමුත්තන් ගැන දෙවියන්වහන්සේ සිතන ආකාරයයි. එය නැවත වරක් නික්මයාම 22:21 සහ ලෙවී කථාව 19:33 හි සඳහන් වේ.

එසේ හෙයින් මා මාගේ පවුලේ සාමාජිකාව සමග ආපන ශාලාවක හෝ උද්‍යානයක කාලය ගත කරන විට
හෝ මාගේ මිදුලේ සිටින විට හෝ මා අත්දැකීමට කැමති ප්‍රේමය සහ ගරුත්වය ඇයට මම පෙන්වමි. එය යේසුස්වහන්සේගේ මිහිරි ප්‍රේමය පෙන්වීමේ එක් ක්‍රමයකි. උන්වහන්සේව ප්‍රතික්‍ෂේප කිරීම නිසා ඇයව ලැජ්ජාවට පත් කිරීම නොව අප සියල්ලන්ට විශ්මිත ප්‍රේමයකින් ප්‍රේම කරන උන්වහන්සේ මෙන් ඇයට ප්‍රේම කිරීමෙනි.