රිපිචීප් නමැති විනිවිද යන කටහඬක් ඇති මීයා නාර්නියාගේ කථා නැමැති පොතෙහි වඩාත් බලවත් චරිතයයි. ඌ තම කුඩා කඩුව අමෛා්රා ගෙන සටනට යයි. ඌ බිය ඉවතලා අන්ධකාර දිවයින දෙසට යන්නේය. රිපීචීප්ගේ ධෛර්්‍යයට හේතුව අස්ලාන් රටට යාමට ඌ තුළ තිබු දැඩි බලාපොරොත්තුවයි. ඒ මාගේ හදවතේ ආශාවයි. රිපීචීප් කියයි. තමාට ඇත්තටම ඕනෑ කුමක්දැයි රිපිචීප් දැනගෙන සිටියේය. ඒ හෙයින් එය ඔහුව රජු වෙතට ගෙන ගියේය.

බර්තිමේයුස් නැමති සිඟන්නා තම කාසි කේප්පය සොලවමින් යෙරිකෝවේ සුපුරුදු ස්ථානයෙහි සිටියේය. යේසුස්වහන්සේ සමග සමූහයක් පැමිණෙන බව ඔහුට ඇසුණි. “දාවිත්ගේ පුත්‍රවූ යේසුස්වහන්ස මට කරුණා කළ මැනව” (මාර්ක් 10:47) කියා ඔහු කෑ ගැසීය. සෙනග ඔහුව නිශ්චල කිරීමට උත්සාහ කළත් ඔවුන්ට බර්තිමේයුස්ව නවත්වන්නට නොහැකි වුනි.

යේසුස්වහන්සේ නැවතුන සේක (49 පදය) මාර්ක් කියයි. සෙනග මධ්‍යයෙහි බර්තිමේයුස්ට ඇහුම්කන් දීමට යේසුස්වහන්සේට අවශ්‍ය විය. “මා නුඹට මක්කරනවාට නුඹ කැමතිද?” කියා යේසුස්වහන්සේ ඇසූ සේක (51 පදය).

පිළිතුර පැහැදිළිව පෙන්නට තිබුණි. ඇත්තෙන්ම යේසුස්වහන්සේ දැන සිටි සේක. බර්තිමේයුස්ගේ ගැඹුරු ආශාව ප්‍රකාශ කිරීමට ඔහුටම ඉඩ දීමේ බලයක් ඇති බවට යේසුස්වහන්සේ විශ්වාස කළ බව සිතිය හැකිය.
“පෙනීම ලබා ගන්නටයි” (51 පදය) යයි බර්තිමේයුස් කීවේය. යේසුස්වහන්සේ බර්තිමේයුස්ව නැවතත් නිවසට හැරියේ වර්ණ, අලංකාරය සහ තම මිතුරන්ගේ මුහුණු ප්‍රථම වරට දකිමිනි.

සියලු ආශා ක්‍ෂණිකව නොලැබේ. (සමහර ආශා පරිවර්තනය විය යුතුය). නමුත් මෙහි අත්‍යවශ්‍ය කාරණාව නම් බර්තිමේවුස් තම ආශාව දැන ගෙන එය යේසුස්වහන්සේ වෙත ගෙන යාමයි. අප අවධානය යොමු කරන්නේ නම් අපගේ සත්‍ය ආශා සහ බලාපොරොත්තු සෑමවිටම අපව උන්වහන්සේ වෙත ගෙන යන බව අපට පෙනේ.