ලෙනෝ ඩන්ලෝප්ගේ වයස අවුරුදු 94 ක් විය. ඇගේ මනස තියුණු විය. සනහව දීප්තිමත් විය. යේසුස් වහන්සේ වෙත තිබු ඇගේ ආසාධනය වන ප්‍රේමය බොහෝ අය අත් වින්දෝය. ඇය යෞවනයන් සමග සභාවේ කාලය ගත කිරීම සුලභ දෙයක් විය. ඇය එහි සිටීම සහ ඇගේ සහභාගීත්වය ප්‍රීතියේ සහ ධෛර්්‍යයේ මූලාශ්‍ර විය. ලෙනෝ ඒතරම්ම ජ්වලිතව සිටියාය. ඇයගේ මරණය අපට අදහා ගත නොහැකි පුදුමයක් විය. බලවත් දුවන්නියක් මෙන් අයගේ ජීවිතයේ අවසන් ඉලක්කය ඇය නිමා කළාය. ඇයගේ ශක්තිය සහ ජ්වලිතය කෙතරම්ද කිවහොත් ලොව වටා සෙනගට යේසුස්වහන්සේගේ පණිවුඩය ගෙන යාම පිළිබඳව සති 16 ක පාඩම් මාලාවක් මිය යාමට ආසන්නව ඇය සම්පූර්ණ කළාය.

දෙවියන්වහන්සේට මහිමය දෙන ලෙනෝගේ ඵලදායි ජීවිතය ගීතාවලිය 92:12-15 දක්වා ඇති සත්‍යය ඉස්මතු කරන්නේය. දෙවියන්වහන්සේ සමග හරි සම්බන්ධතාවයක සිටින අයගේ ජීවිතවල (12-13 පද) මල් පීදීම සහ ඵල දැරීම ගීතිකාකරු විස්තර කරන්නේය. එහි ඇති ශාඛ දෙක පලතුරු සහ ලී වලට ප්‍රසිද්ධය. එයින් ගීතිකාකරු ජවය, බහුලත්වය සහ ඵලදායීතාවය යන හැඟීම් ග්‍රහණය කර ගන්නේය. ප්‍රේමය, බෙදා ගැනීම, උපකාර කිරීම සහ අන් අයට ක්‍රිස්තුස්වහන්සේ වෙත මග පෙන්වීම අපගේ ජීවිතවල අපි දකින විට අපි සතුටු විය යුතු වෙමු.

ජ්‍යෙෂ්ඨ හෝ වයස්ගත යයි ලේබල් ගසා තිබෙන අය පවා මුල් ඇද ඵල දැරීමට ප්‍රමාද නැත. ලෙනෝගේ ජීවිතය යේසුස්වහන්සේ මගින් දෙවියන්වහන්සේ තුළ මුල් බැස තිබුණි. දෙවියන්වහන්සේගේ යහපත්කමට එය සාක්‍ෂි දැරුවේය (15 පදය). අපගේ ජීවිතවලද එය එසේ විය හැකිය.