මම ඝණ අන්ධකාරයේ අවදි වීමි. මම විනාඩි තිහක්වත් නිදා නොගත් අතර ඉක්මණින් නැවත නින්ද නොඒවී යයි මගේ හදවතට දැණුනි. මිතුරියකගේ ස්වාමිපුරුෂයා රෝහලේ ඇඳක් මත වැතිර සිටියේය. බියකරු පණිවුඩය ඔවුන්ට ලැබී තිබුණි. දැන් මොළයේ සහ කොඳුඇට පේළියේ පිළිකාව නැවත පැමිණ තිබේ”. මාගේ මුළු ගතම මාගේ මිතුරිය ගැන තැවුණි. කොතරම් විශාල බරක්ද! නමුත් බොහෝ වේලා යාච්ඤා කිරීමෙන් මාගේ ආත්මය ජ්වලිත විය. ඔවුන් වෙනුවෙන් මට අලංකාර බරක් දැනෙන්න ඇතැයි ඔබ සිතිය හැකිය. එය කෙසේ සිදුවීද?

මතෙව් 11:28-30 දක්වා අපගේ වැහැරුණු ආත්මවලට යේසුස්වහන්සේ විශ්‍රාමය පොරොන්දු වන සේක. විශ්මිත කාරණාව නම් උන්වහන්සේගේ විශ්‍රාමය පැමිණෙන්නේ අපි උන්වහන්සේගේ වියගහ යට නැවී උන්වහන්සේගේ බර වැළඳ ගන්නා විටය. උන්වහන්සේ 30 වන පදයෙහි පැහැදිළි කරන්නේ “මාගේ වියගහ පහසුය. මාගේ බරද සැහැල්ලුය” කියාය. අපගේ කරෙන් බර උසුලා ගැනීමට අපි යේසුස්වහන්සේට ඉඩ දී උන්වහන්සේගේ වියගහ හා සම්බන්ධ වන විට අපි උන්වහන්සේ සමග සහ උන්වහන්සේ ඉඩ දෙන සියල්ල සමග සම්බන්ධ වන්නෙමු. අපි උන්වහන්සේගේ බර යට නැවෙන කල අපි උන්වහන්සේගේ පීඩාවන් බෙදා ගන්නෙමු. අවසානයේදී උන්වහන්සේගේ සහනය බෙදා ගැනීමටද උන්වහන්සේ අපට ඉඩ දෙන සේක (2 කොරින්ති 1:5).

මාගේ මිතුරන් ගැන මට තිබුණේ විශාල බරකි. කෙසේ වෙතත් ඒවා යාච්ඤාවෙන් දෙවියන්වහන්සේ වෙත ගෙන ඒමට මට ඉඩ දුන් නිසා කෘතඥ වෙමි. ක්‍රමයෙන් මම වැතිරී නිදා ගත් අතර මම අවදිවූයේ තවමත් අලංකාරවූ බරකිනි. නමුත් මෙවර පහසු වියගහකින් සහ සැහැල්ලු බරකින් යේසුස්වහන්සේ සමග ගමන් කරමිනි.