කර්තෘ හෙන්රි නෝවාන් රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් නගරයේ කෞතුකාගාරයකට ගිය ගමනක් සිහිපත් කරන්නේය. එහිදී ඔහු පැය ගණනක් රෙම්බ්‍රැන්ඞ්ට් ඇඳ තිබූ අකීකරු පුත්‍රයාගේ චිත්‍රයක් දෙස බලා සිටියේය. දිනය ගෙවී යන විට අසළ තිබූ ජනේලයකින් වැටුණු ස්වභාවික අලෝකය නිසා වෙනස්කම් ඔහුට පෙණුනි. ආලෝකය වෙනස්වන විට විවිධ චිත්‍ර දකින්නාක් මෙන් නෝවාන්ට සිතුණි. එක් එක් චිත්‍රය කැඩී බිඳී සිටි තම පුත්‍රයා කෙරෙහි තිබු පියාගේ ප්‍රේමය පෙන්නුම් කළේය.

සවස හතරට පමණ චිත්‍රයෙහි තිබු චරිත තුනක් පිටතට එනවා මෙන් ඔහුට පෙණුනි. එකක් තම බාල සහෝදරයා වන අකීකරුවූ තැනැත්තා පිළිගැනීමට පියාගේ ආශාව වූ රතු පලස දැමීම ප්‍රතික්‍ෂේප කළ වැඩිමහල් පුත්‍රයාය. ඔහු තම පවුලේ වස්තුව විනාශ කරමින් පවුලේ අයට වේදනාව සහ ලැජ්ජාව ගෙන ආවා නොවේද? (ලුක් 15:28-30).

අනික් චරිත දෙක නෝවාන්ට මතක් කළේ යේසුස්වහන්සේ උපමාව කියන විට සිටි ආගමික නායකයන්ය. යේසුස්වහන්සේ ළඟට එන පව්කරුවන් ගැන දොස් කීවේ ඔවුන්ය (1-2 පද).

නොවාන් මේ සියලු දෙනා තුළම තමාව දිටීය. ජීවිතය විනාශකර ගත් පොඩි පුතා, ඔහුව හෙළා දුටු වැඩිමහල් පුත්‍රයා සහ ආගමික නායක්යන්ය. එසේම එකිනෙකාටත් සැමටත් විශාල ලෙස සෑහෙන පියාගේ හදවතද ඔහු දුටුවේය.

අපි කෙසේද? රෙම්බ්‍රාන්ඞ්ට්ගේ චිත්‍රයේ කොහේ හෝ අපට අපව දැකිය හැකිද? කුමණ ආකාරයකින් හෝ යේසුස්වහන්සේ කිවු සෑම කථාවක්ම අප ගැනය.