සම්මානනීය ගුසිප්පේ වර්ඩිට (1813-1901) තරුණ වියේදී අනුමැතියට තිබූ ආශාව නිසා ඔහු සාර්ථකත්වය දෙස ඇදී ගියේය. වොරන් වියර්ස්බේ ඔහු ගැන ලීවේ “ෆ්ලොරන්ස්හිදී වර්ඩි පළමු සංගීත නාට්‍යය නිපදවූ විට රචකයා සෙවනැල්ලක සිටගෙන ප්‍රේක්‍ෂකාගාරයේ සිටි එක් අයෙකුගේ මුහුණ දෙස බලා සිටියේය. ඒ ශ්‍රේෂ්ඨ රොසිනිය. සෙනග ඔහුට ඔල්වරසන් දෙනාවද අපහාස කරනවාද යන්න වර්ඩිට ගැටළුවක් නොවීය. ඔහුට අවශ්‍ය වූයේ සම්මානනීය සංගීතඥයාගේ අනුමැතියේ සිනහව පමණී” කියාය.

අප සොයන්නේ කාගේ අනුමැතියද? දෙමව්පියන්ගේද? කාර්්‍යාල ප්‍රධානියාගේද? අප ආදරය බලාපොරොත්තු වන අයගේද? පාවුල්ට තිබුණේ එක් උත්තරයකි. “ශුභාරංචිය භාර ගැනිමට අපි සුදු ස්සෝ යයි දෙවියන් වහන්සේ අප ඒත්තුගත් ප්‍රකාරයටම මනුෂයයන් නොව අප සිත විමසන දෙවියන්වහන්සේව සතුටු කරන ලෙස කථා කරමුව” (1 තෙසලෝනික 2:4).

දෙවියන්වහන්සේගේ අනුමැතිය සෙවීම යනු කුමක්ද? අවම වශයෙන් ඊට කාරණා දෙකක්වත් අවශ්‍ය වේ. අන් අයගේ ඔල්වරසන් වලට ඇති ආශාව අත් හැරීම සහ අපට ප්‍රේම කර අප වෙනුවෙන් දිවි දුන් තැනන්වහන්සේගේ ආත්මයට අපව ක්‍රිස්තුස්වහන්සේ මෙන් වන්න සළස්වන්න ඉහ හැරිමයි. උන්වහන්සේ අප තුළ සහ තුළින් කිරීමට බලාපොරොත්තුවන අරමුණු වලට භාර වන විට අනුමැතිය අපට වඩාත් අවශ්‍ය වන තැනැත්තාණන්ගේ අනුමැතියේ සිනහව ලැබෙන දිනයක් පැමිණෙනු ඇත.