විශාල සිංහාසන කුටියක් ගැන සිතා ගන්න. සිංහාසනයේ ශ්‍රේෂ්ඨ රජෙකු වාඩිවී සිටියි. රජුව වට කර ගෙන විවිධ ආවතේව කරුවන් සිටින්නෝය. සෑම කෙනාම උපරිමයෙන් හැසිරේ. රජුගේ පාමුල පෙට්ටියක් ඇතැයි සිතන්න. වරින් වර රජු නැමී එම පෙට්ටිය තුළ තම ඇඟලි එහේ මෙහේ යවයි. එම පෙට්ටියේ ඇත්තේ මොනවාද? විශේෂයෙන් රජුගේ කැමැත්ත පරිදි එහි මුතු මැණික් සහ රන්ද මාල වළලු යනාදියද තිබුණි. මෙම පෙට්ටියේ රජුගේ වස්තුව සහ ඔහුට ප්‍රීතිය ගෙන දෙන්නාවූ වස්තුව අඩංගුව තිබේ. එම රූපකාය ඔබගේ මනසේ මවා ගත හැකිද?

හෙබ්‍රෙව් භාෂාවෙන් වස්තුවට කියන්නේ “සෙගුලාය” කියාය. එහි අර්ථය “විශේෂ උරුමය” යන්නයි. නික්මයාම 19:5, ද්වීථිය කථාව 7:6 සහ ගිතාවලිය 135:4 හි එම වචනය හමුවේ. එම වචනය පේත්‍රෑස්ගේ පෑනෙන් ලියවුනු අලුත් ගිවිසුම් පොතෙහි ඇත. ඔහු දයාව ලද දෙවියන්වහන්සේගේ සෙනගට එය අදාළ කරයි (1 පේත5ෑස් 2:10). දැන් එම වස්තුව ඉශ්‍රායෙල් ජාතියට එහා ගොස් තිබේ. වෙනත් අතකින් ඔහු දැන් කථා කරන්නේ යේසුස්වහන්සේ පිළිගෙන සිටින යුදෙව්වන් සහ අන්‍ය ජාතීන් ගැනය. “නුඹලා වනාහි …. දෙවියන්වහන්සේ සන්තක සෙනගක් වන්නහුය” (9 වන පදය) කියා ඔහු පවසයි.

ඒ ගැන කල්පනා කර බලන්න. ශ්‍රේෂ්ඨ බලවත් ස්වර්ගීය රජු ඔබව උනවහන්සේගේ වස්තුවක් ලෙස සළකන සේක. උන්වහන්සේ ඔබව මරණයේ සහ පාපයේ ග්‍රහණයෙන් ගළවා ගත් සේක. උන්වහන්සේ ඔබව උන්වහන්සේගේම යැයි ස්ථිර කරන සේක. රජුගේ හඬ කියන්නේ “මේ අයට මම ප්‍රේම කරමි. මේ අය මාගේය” යනුවෙනි.