සභාපාලක වොට්සන් ජෝන්ස්ට කුඩා කල බයිසිකලයක් පදින්න පුරුදු වෙනවා මතකය. කුඩා වොට්සන් සමග පියා ඇවිදිනවාද මතකය. ගේ ඉදිරිපිට ගැහැණු ළමයි කිහිප දෙනෙකු සිටිනවා වොට්සන් දුටුවේය.
“තාත්තේ මට පුලුවන්” යයි ඔහු කීවේය. නමුත් ඔහු දැන සිටියේ නැත. පියාගේ දැඩි ග්‍රහණය නොමැතිව බයිසිකලය සමතුලිත කිරීමට තමාට බැරි බව ඔහු දැන ගන්නා විට ප්‍රමාද වැඩිය. ඔහු සිතූ තරම් ඔහු වර්ධනය වී නොතිබුණි.

අපගේ ස්වර්ගීය පියාණෝ අප වර්ධනය වී “ක්‍රිස්තුස්වහන්සේගේ සම්පූර්ණවූ උස මහතේ ප්‍රමාණයටත්
අප සියල්ලන්” (එපීස 4:13) පැමිණෙන පිණිස ආශාවෙන් බලා සිටින සේක. ආත්මික වර්ධනය සාමාන්‍ය වර්ධනයට වඩා වෙනස්ය. දෙමව්පියන් තම දරුවන් ස්වාධින වන පිණිස දරුවන් හදා වඩා ගන්නේ ඔවුන්ගෙන් නොයැපී ජීවත්වීමටය. අපගේ දිව්‍ය පියාණෝ අපව වර්ධනය කරන්නේ උන්වහන්සේ තුළ සැමදා යැපීමටය.

පේත්‍රෑස් තම ලිපිය අරඹන්නේ “දෙවියන්වහන්සේද අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේද දැන ගැනීමෙන් අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වැඩිවේවා” (2 පේත්‍රෑස් 1:2) කියාය. ඔහු එය අවසන් කරන්නේද “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ” එම “කරුණාවෙහිද උන්වහන්සේගේ දැනගැන්මෙහිද වර්ධනය වන්න” (2 පේත්‍රෑස් 1:2; 3:18) යයි පවසමිනි. වර්ධනය වූ කිතුණුවෝ යේසුස්වහන්සේගේ අවශ්‍යතාවය අවසන් කරන්නේ නැත.

වොට්සන් අනතුරු අඟවන්නේ “අපගෙන් සමහරෙක් අපගේ ජීවිතයේ බයිසිකලයේ ඇඳිවලින් යේසුස්වහන්සේගේ අත් ගසා දමන්නේය” කියාය. ඒ හරියටම උන්වහන්සේගේ ශක්තිමත් දෑත් අපව අල්ලා ගැනිමද, වැටෙන විට අපව ඔසවා ගැනීමද සහ අප කරදරයට වැටුණු වි අපව වැළඳ ගැනීමද එපාය කියන්නාක් මෙනි. ක්‍රිස්තුස්වහන්සේ වෙත යැපීමෙන් එහාට වර්ධනය වනන්ට අපට බැරිය. අප වර්ධනය වන්නේ උන්වහන්සේගේ අනුග්‍රහය සහ දැනගැන්ම තුළට අපගේ මුල් ගැඹුරට යැවීමෙනි.