දරුවා සහ රටකජු යන පුරාණ සුරංගනා කථාවේ දරුවා භාජනයකට අත දමා අත පුරා රටකජු ගනී. ඔහුගේ අත එතරම් පිරී ඇති නිසා අත පිටතට ගැනීමට ඔහුට නොහැකි වේ. ඉන් ටිකක් හෝ අත් හැරීමට ඔහු අකමැති වේ. දරුවා හඬන්න පටන් ගනී. පසුව කෙනෙකු ඔහුට උපදෙස් දුන් පසුව ඔහු රටකජු ටිකක් අත් හරී. අත නැවත ගැනීමට පුළුවන් වේ. කෑදරකම දරුණු ස්වාමියෙක් විය හැකිය.

දේශනාකාරයා ලියූ ණැනවත් ගුරුවරයා දෑත් ගැන සහ අප ගැන සදාචාරික පාඩමක් කියා දෙයි. ඔහු අලස අය සහ කෑදර අය සංසන්දනය කරයි. “අඥානයා දෑත් පෙරවා ගෙන තම මාංශය කන්නේය. වෙහෙසීමෙන්ද හිස්වු උත්සාහයයෙන්ද දෑත පුරවා ගන්නවාට වඩා නිශ්චලකමෙන් එක මිටක් පුරවා ගෙන ඉඳීම හොඳය” (4:5-6). කම්මැලියෝ තමන් විනාශවෙන තුරු වඩ කල් දමති. ධනය පසුපස හඹා යන්නෝ තම උත්සාහයන්
“වැඩකට නැති වෙහෙසකාරී ව්‍යාපාරයක්” යයි පසුව දැන ගනිති.

ගුරුවරයාට අනුව හොඳම දෙය නම් කෑදර ලෙස බදා ගැනිමෙන් නිදහස් වී අපට ඇත්තටම අයිති දේවලින් තෘප්තියක් ලැබීමය. අපට අයිති දෙය සැමදා පවති. “යම් මනුෂ්‍යයෙක් මුළු ලෝකයම ලබා ගත්තත් තමාගේ ජීවිතය නැතිවී ගියොත් ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද?” (මාර්ක් 8:36) කියා යේසුස්වහන්සේ ඇසුවාක් මෙන්ය.