සේවියර්ගේ පළමු රැකියා සම්මුඛ පරීක්‍ෂණයට පෙර මාගේ ස්වාමිපුරුෂයා වන ඇලන් මාගේ පුතාට ස්තූති කාඞ්පත් කිහිපයක් දුන්නේය. ඒ ඔහුගේ රැකියා සේව්‍යයන් විය හැකි අයට යැවීම සඳහාය. ඉන්පසු වසර ගණනාවක් කළමනාකරුවෙක් වශයෙන් ලැබූ අත්දැකීම් උපයෝගී කර ගනිමින් ඇලන් අපගේ පුතාගෙන් ප්‍රශ්න ඇසීමට පටන් ගත්තේය. එලෙස පුහුණු වී අපගේ පුත්‍රයා සහතික පත්‍ර ෆයිල් කවරයකට දමා ගත්තේය. ඇලන් ඔහුට කාඞ්පත් ගැන මතක් කළ විට ඔහු සිනහවී “මට මතකයි” කීවේය. “අවංක ස්තුති කාඞ්පතක් අනෙක් තරඟකරුවන්ගෙන් මාව වෙන්කර පෙන්වයි”.

කළමණාකාරවරයා සේවියර්ව සේවයට ගන්නා විට වසර ගණනාවකින් පසු ඔහු ලැබූ ස්තුති කාඞ්පතට කෘතඥ විය.

ස්තුති කිරීම කල්පවතින බලපෑමක් කරයි. ගීතිකාකරුගේ හද පත්ලෙන්ම පැමිණි යාච්ඤා සහ නමස්කාරය ගීතාවලියේ ආරක්‍ෂා වී තිබේ. ගීතිකා 150 ක් එහි තිබුණද පහත පද දෙක ස්තූති කිරීමේ පණිවුඩයක් දෙන්නේය. “ස්වාමින්ට මාගේ මුළු සිතින් ස්තූති කරන්නෙමි. ඔබගේ ආශ්චර්ය ක්‍රියා දක්වා දෙන්නෙමි. ඔබ කෙරෙහි ප්‍රීතිව සන්තෝෂ වන්නෙමි. මහෝත්තමයාණෙනි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි” (ගීතාවලිය 9:1-2).

දෙවියන්වහන්සේ කර ඇති සියළු මනහර ක්‍රියා ගැන අපගේ කෘතඥතාවය ප්‍රකාශ කිරීමට අපට කිසිදා නුපුළුවන. නමුත් අපගේ යාච්ඤා තුළින් අවංක ස්තුතියක් කිරීමට අපට පුළුවන. කෘතඥ පූර්වක නමස්කාර ජීවිතයක්ද අපට ඇති කර ගත හැකිය. දෙවියන්වහන්සේට ප්‍රශංසා කර උන්වහන්සේ කර ඇති සියල්ල සහ පොරොන්දු වී ඇති සියල්ල පිළිගත හැකිය.