වාහනයක අනතුරු නළා ශබ්දය කන් පසාරු කරගෙන මාගේ වාහනය පසුකර ගියේය. එහි නිවි නිවී පත්තුවන ආලෝකය මාගේ කවුළු තුළින් මට දිස්වුනි. “භයානක ද්‍රව්‍යයන්” යැයි ට්‍රක් රථය පැත්තක ගසා තිබුණි. විද්‍යාගාරයක සල්ෆියුරික් අම්ලය සහිත ගැලුම් 400 ක කන්ටේනරයක් කාන්දුවීමට පටන් ගෙන තිබුණි. ආපදා සේවකයින්ට කෙසේ හෝ එහි ව්‍යාප්තිය නැවැත්වීමට සිදුවී තිබුණි. ඊට හේතුව එය ගැටෙන ගැටෙන තැන විනාශ වන නිසාය.

මා මෙම ප්‍රවෘත්තිය ඇසූ විට මම කල්පනා කළේ මාගේ මුවින් නපුරු හෝ විවේචනාත්මක වචනයක් පිටවෙන සෑම විටම අනතුරු නළා හඬක් පැතුරුණා නම් කෙසේද කියාය. කණගාටුවට හේතුව නම් එය නිවස වටා සෑහෙන ශබ්දයක් නගනු ඇත යන්නය.

අනාගතවක්තෘ යෙසායා ඔහුගේ පාපය දැන ගැනීම ගැන මෙවැනි අදහසක් ප්‍රකාශ කරයි. ඔහු දෙවියන් වහන්සේගේ තේජස දර්ශනයකින් දුටු විට ඔහුගේ නොවටිනාකම ඔහුට වැටහුණි. තමා “අපවිත්‍ර තොල්” සහිත පුද්ගලයෙකු බව ඔහු දැන ගත්තේය. ඒ ඔහු ජීවත්වූයේ එවැනි සෙනගක් අතර වූ හෙයිනි (යෙසායා 6:5). ඉන්පසු සිදුවූ දෙය මට බලාපොරොත්තුවක් ගෙන දුන්නේය. දේවදුතයෙක් ඔහුගේ තොල් ගිනි අඟුරකින් ආලේප කරමින් “නුfඹි අපරාධය පහකරන ලද්දේය. නුfඹි පාපය කමා කරන ලද්දේය” (7 පදය) යයි විස්තර කළේය.

අපගේ වචන ගැන මොහොතින් මොහොත තීරණ ගැනීමට අපට සිදුවේ. ඒ ලිඛිතව සහ වාචිකවය. ඒවා හානිකරද? නැතිනම් අපි ප්‍රකාශ කරන සෑම දෙයකින්ම උන්වහන්සේට ගෞරවය ගෙන එන පිණිස දෙවියන් වහන්සේගේ මහිමයට ඒවා අපට පෙන්වාදීමට සහ උන්වහන්සේගේ අනුග්‍රහයට ඒවා සුව කිරීමට අපි ඉඩ දෙන්නෙමුද?