යූ ටියුබ් චීඩියෝවක ඇලන් ග්ලුස්ටෝෆ් කාලයක් ගත කර සාදන චීස් ගැන විස්තර කරයි. ඔහු නිව්යෝර්ක්හී ගොෂෙන් පළාතේ ගොවියෙකි. වෙළඳ පොළට යැවීමට පෙර සෑම චීස් කැබැල්ලක්ම පොළොව යට රාක්කයක හය මාසයේ සිට වසරක් දක්වා තබා තිබේ. මෙම තෙත සහිත පටිසරයේ ප්‍රවේශමෙන් එම චීස් සකස් කරනු ලැබේ. “වර්ධනය වීමට අවශ්‍ය හොඳම පරිසරය ලබා දෙන්න අපි උත්සාහ කරන්නෙමු. එහි උපරිමයට එය පැමිණේ” ග්ලුස්ටෝෆ් විස්තර කරයි.

තමන් නිපදවන චීස් උපරිමයට වර්ධනය කිරීමට ග්ලුස්ටෝෆ් තුළ ඇති ආශාව මට මතක් කරන්නේ තම දරුවන් වර්ධනය වී ඵලදායී වීමටත් උපරිම හැකියාවට පත් වීමටත් දෙවියන්වහන්සේ තුළ ඇති ආශාවය. එපීස 4 හි අපෝස්තලු පාවුල් මෙම ක්‍රියාවලියට උපකාර වන සෙනග ගැන ලියයි. ඒ අපෝස්තලුවරු, අනාගතවක්තෘවරු, ඉවැන්ජලිස්තවරු, සභාපාලකවරුන් සහ ගුරුවරුන්ය (11 පදය). එමෙන්ම 12 වන පදයේ සඳහන් සේවාවන් ගැන උනන්දු කරයි. එහි ඉලක්කය අප වර්ධනය වී ක්‍රිස්තුස්වහන්සේගේ සම්පූර්ණ උස මහතට පැමිණීමය (13 පදය).

ආත්මික වර්ධනය පැමිණෙන්නේ අප එම ක්‍රියාවලියට භාරවන විට ශුද්ධාත්මයාණන් ඉටු කරන කර්තව්‍යයෙනි. අපගේ ජීවිතයේ උන්වහන්සේ තබා ඇති සෙනගගේ මග පෙන්වීම අප අනුගමනය කරන විට උන්වහවන්සේ අපව යවන සේවයේ අපි වඩා කාර්යක්‍ෂම වෙමු.