ක්‍රිස්තුස්වහන්සේගේ කාලයේදී රෝම නවාතැන්වලට තිබුණේ ඉතා නරක නාමයකි. ඒ හෙයින් රබ්බිවරු තම ගවයන්වත් එවැනි ස්ථානවල තැබුවේ නැත. එවැනි තත්ත්වයන් නිසා ගමන් යන කිතුණුවෝ නවාතැන් සඳහා අන් ඇදහිලිවතුන්ගේ ආගන්තුක සත්කාරය සෙවූහ.

ඒ කාලයේ සංචාරක දේශකයින් අතර යේසුස්වහන්සේ මෙසියස් නොවේ යයි ප්‍රකාශ කළ බොරු ගුරුවරුද සිටියෝය. 2 යොහන් පොත ආගන්තුක සත්කාරය නොදිය යුතු කාලයක් ඇතැයි කියන්නේ ඒහෙයිනි. මින් පෙර ලිපියේ යොහන් මෙම ව්‍යාජ ගුරුවරු ගැන පවසන්නේ “විරුද්ධ ක්‍රිස්තුස් මේය. එනම් පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ එපා කරන තැනැත්තේය” (1 යොහන් 2:22) කියාය. 2 වන පොතෙහි ඔහු මෙය ව්‍යාප්ත කර ලියන්නේ යේසුස්වහන්සේ මෙසියස්වහන්සේ ලෙස විශ්වාස කරන තැනැත්තාට ”පියාණන් වහන්සේද පුත්‍රයාණන්වහන්සේද සිටින සේක” කියාය (9 පදය).

ඉන්පසු ඔහු අනතුරු අඟවන්නේ “නුඹලා වෙතට එන යමෙක් මේ ඉගැන්වීම නොගෙනෙනවා නම් ඔහු ගෙදරට පිළිනොගනින්න. ඔහුට ශුභ සිද්ධ වේවා යයි නොකියන්න” (10 පදය) යනුවෙනි. ව්‍යාජ ශුභාරංචියක් දේශනා කරන අයට නවාතැන් දීම සෙනගව දෙවියන්වහන්සේගෙන් ඈත් කිරීමට උපකාර වේ.

යොහන්ගේ දෙවන ලිපිය අපට “දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ කණපිට” පෙන්වයි. අප සේවය කරන්නේ සියලු දෙනාවම දෑත් දිගු කර පිළිගන්නා දෙවියන්වහන්සේ කෙනෙක්ටය. තමන්ටත් අන් අයටත් රැවටිල්ලෙන් හානි කර ගන්නා අයට සත්‍ය ප්‍රේමය උපකාර කරන්නේ නැත. පසුතැවිලිවී එන අයව දෙවියන්වහන්සේ වැළඳ ගන්නා සේක. නමුත් උන්වහන්සේ කිසි දිනෙක බොරුව වැළඳගන්නේ නැත.