අපගේ පවුලේ අය සමග වෙනත් ප්‍රදේශයකට ගොස් නැවත නිවසට එන විට මට එය හමු විය. මම ඉන්ධන හලක මගේ මෝටර් රථයට ඉන්ධන ගසන විට බිම තිබූ කුණු තැවරුණු ලියුම් කවරයක් දුටුවෙමි. මම එය අහුලා ගෙන ඇතුළත බැලුවෙමි. මාගේ පුදුමයට එහි ඩොලර් සියයක් තිබුණි.

යම් කෙනෙකුට තිබූ ඩොලර් සියයක් නැතිවී තිබුණි. ඔහු දැන් එය අමාරුවෙන් සොයනවා විය හැකිය. ඉන්ධන සැළේ සේවකයන්ට මම මාගේ දුරකථන අංකය දුන්නේ කවුරුන් හෝ එය සොයා පැමිණියහොත් කථා කරන පිණිසය. නමුත් කිසිවෙක් කථා කළේ නැත.

කව්රුන් හෝ තබාගෙන සිටි මුදල් නැතිවී තිබුණි. භෞමික වස්තුව බොහෝ විට එලෙසය. එය නැතිවිය හැකිය. සොරා ගත හැකිය හෝ නාස්ති විය හැකිය. වැරදි ආයෝජන නිසා නැති විය හැකිය. එසේත් නැතිනම් අපට පාලනයක් නොමැති කොටස් වෙළඳ පොළේ අපගේ වස්තුව විනාශ විය හැකිය. නුමුත් යේසුස්වහන්සේ තුළ අපට ඇති ස්වර්ගීය වස්තුව, දෙවියන්වහන්සේ සමග නැවතත් ස්ථාපිත වූ සම්බන්ධතාවය සහ සදාකාලික ජීවනය ගැන පොරොන්දුව එසේ නොවේ. එය ඉන්ධන සැලක හෝ වෙනත් ස්ථානයක නැති වන්නේ නැත.

“ස්වර්ගයේ වස්තු” (මතෙව් 6:20) රැස්කරන්න කියා ක්‍රිස්තුස්වහන්සේ කීවේ ඒ නිසාය. ඒ අන් අයට ප්‍රේමයෙන් උපකාර කරමින් සහ ඔවුන් සමග යේසුස්වහන්සේ බෙදා ගනිමින් අප රැස්කර ගන්නා උතුම් ක්‍රියාවලින් ධනවත් වූ විටය (1 තිමෝති 6:18). නැතිනම් ඇදහිල්ලෙන් ධනවත් වූ විටය (යාකොබ් 2:5). දෙවියන්වහන්සේ අපට මග පෙන්වමින් අපව බලගන්වන ආකාරයට උන්වහන්සේ සමග අපගේ සදාකාල අනාගතයේ බලාපොරොත්තුව ඇතුව සදාකාලික වස්තූන් අපි රැස්කරමු.