වියළි උතුරු කැලිෆෝනියාව හරහා විවාහක යුවළක් තම ට්‍රැක්ටරය පදවා ගෙන යද්දී ටයරයක් පුපුරා පදික වේදිකාව සූරා ගෙන යන ශබ්දයක් ඇසුණි. 2018 දී එයින් ගිනි පුපුර්ක් නැගී ගින්නක් හට ගත්තේය. එයින් ලැව් ගින්නක් පැන නැගී අක්කර 230000 ක් ගිනි ගත්තේය. නිවාස 1000 කට වඩා දැවී කිහිප දෙනෙකු මිය ගියෝය.

යුවළ දුක දරා ගැනීමට නොහැකිව කම්පා වී සිටින බව ඉහත කී ගින්නෙන් ගැළවුණු අය දැන ගත් විට ඔවුහු මුහුණු පොතෙහි පිටුවක් විවෘත කළෝය. ඒ අනුග්‍රහය සහ දයාව ඔවුන් වෙත දිගු කිරීමටය. ඔවුන් තුළ වූ ලැජ්ජාව සහ කලකිරීම නැති කිරීමටය. එක් ස්ත්‍රීයක් ලීවේ “මාගේ නිවස මෙම ගින්නට හසුවූ අයෙකු ලෙස මම ලියමි. මාගේ පවුලේ අය ඔබට දොස් නොකියන බව ඔබ දැන ගත යුතුය. එසේම අනිත් පවුල්ද ඔබට දොස් කියන්නේ නැත. අනතුරු සිදුවෙති. මෙවැනි දයාවේ පණිවුඩ ඔබගේ බර සැහැල්ලු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. අපි මෙයට එක්ව නැගී සිටිමු” යනුවෙනි.

දෝෂාරෝපණය එනම් නැවත මුදවා ගත නොහැකි දෙයක් අප කළා යන හැඟීම අපගේ මානුෂීය ආත්මය විනාශ කර දමයි. ස්තුතිවන්ත විය හැකි කාරණය නම් දේව වචනයේ සඳහන් වන්නේ “අපේ සිත් අපට දෝෂාරෝපණය කරන විට “දෙවියන්වහන්සේ අපේ සිතට වඩා උතුම්” (1 යොහන් 3:19) කියාය. අපගේ ලැජ්ජාව කුමක් වූවත් දෙවියන්වහන්සේ ඒ ක්‍රියාව ගැන පසුතැවිලි වන ලෙස අපට කියන සේක. නැතිනම් අපව විනාශ කරන ලැජ්ජාව ඉවත් කරන සේක. එවිට මිදීම අත්විඳින අපි “උන්වහන්සේ ඉදිරියෙහි අපේ සිත් සහතික කර ගන්නෙමු” (19 වන පදය).

නැවත හරි ගැස්සීමට පුළුවන් නම් කියා අප කණගාටුවන දේවලදී දෙවියන්වහන්සේ අපව ළංකර ගන්නා සේක. යේසුස්වහන්සේ සිනහ සී “ඔබගේ සිත නිදහස්ය” කියා පවසන සේක.