ඇයගේ දරුවන් සමග අහස් යානාවකට තනිව ගොඩවන්න සුදානම් වූ තරුණ මවක් තම තුන් හැවිරිදි දියණියව නිස්කලංක කිරීමට ඉතා දැඩිව වෙර දැරුවාය. දරුවා පයින් ගසමින් හැඬුවාය. ඒ අතර ඇයගේ මාස හතරක පුත්‍රයා බඩගිනිවී මොර ගැසුවේය.

ඇය අසළ සිටි මගියෙකු ළදරුවා වඩාගෙන තම දියණියගේ පටි දැමීමට ජෙසිකාට ඉඩ හැරියේය. ඊළඟට මගියා තරුණ පියෙකුව සිටි කාලය මතක් වී තුන් හැවිරිදි දියණිය සමග චිත්‍ර ඇදීමට පටන් ගත්තේය. ඒ අතර තුර ජෙසිකා තම ළදරුවාට කිරි දුන්නාය. ඊළඟ යානයට මාරුවන විටද එම පුද්ගලයා ඇයට උපකාර කිරීමට ඉදිරිපත් විය.

“මේ කාරණයේදී දෙවියන්වහන්සේගේ හස්තය දුටු මම විශ්මිත වූයෙමි” කියා ජෙසිකා පසුව කීවාය. “අප වෙන ආසනයක සිටින්න තිබුණා නමුත් අප වාඩිවී සිටියේ මට හමුවී ඇති මිනිසුන් අතරින් හොඳම අයෙකු සමගයි”.

2 සාමුවෙල් 9 හි උවමනාවෙන් උපකාර කිරීම ගැන අපි තව කථාන්දරයක් කියවමු. සාවුල් රජු සහ ඔහුගේ පුත්‍ර යොනාතාන් මිය ගිය පසු දාවිත්ගේ සිංහාසනයට තර්ජනයක් වූ සියල්ලන් ඔහු මරා දමනු ඇතැයි සමහරු බලාපොරොත්තුවන්න ඇති. නමුත් ඔහු ඇසුවේ “සාවුල්ගේ වංශයේ කිසිවෙක් තව ඉතුරුව නැද්ද? ඉතුරුව ඇත්නම් මම ඔහුට දෙවියන්වහන්සේගේ කරුණාව පෙන්වන්නෙමි” (3 පදය) යනුවෙනි. යොනාතාන්ගේ පුත්‍රවූ මෙපිබොෂෙත්ව දාවිත් වෙත ගෙන එන ලදී. දාවිත් විසින් මෙපිබොෂෙත්ගේ උරුමය ඔහුට දී එදින සිට ඔහුට තම මේසයේ ආහාර ගැනීමට ආරාධනා කළේ ඒ ඔහු තමාගේම පුත්‍රයෙකු මෙන් සළකාය (11 පදය).

දෙවියන්වහන්සේගේ අති මහත් දයාවට උරුමකරුවන් ලෙස අන් අයට උවමනාවෙන් දයාව පෙන්වීමට අපි අවස්ථාව සොයමු (ගලාති 6:10).