ඒ නත්තලට පෙරය. ඇයගේ දරුවන්ට කෘතඥතාවය ගැන ගැටළු තිබුණි. ඒ ලෙස කල්පනා කිරීමට පෙළඹවීම කෙතරම් පහසුදැයි ඇය දැන සිටියාය. නමුත් ඇයගේ දරුවන්ගේ සිත් පුබුදු කිරීමට ඊට වඩා හොඳ දෙයක් ඇයට අවශ්‍ය විය. ඒ හෙයින් ඇය ගෙය පුරා තිබෙන විදුලි ස්විච්වල, ශීතකරණ දොරවල, රෙදි සෝදන යන්ත්‍රයේ, ජල කරාම වල රතු පටි ඇලෙව්වාය. සෑම පටියකටම යටින් අතින් ලියු සටහනක් විය. “දෙවියන්වහන්සේ දෙන සමහර තෑගි අපට නොසළකා හැරිය නොහැක. ඒහෙයින් ඒවා වල රතු පටි බැන්දෙමි. අපගේ පවුලට උන්වහන්සේ ඉතා යහපත් වූ සේක. තෑගි එන මූලාශ්‍රය අපි අමතක නොකරමු.

ද්වීථිය කථාවේ 6 හි අපි දකින්නේ ඊශ්‍රායෙල්ගේ අනාගතය දැනට පවතින ප්‍රදේශ අල්ලා ගැනීමෙහි නිරත විය යුතු බවයි. එහෙයින් ඔවුහු විශාල ලෙස වර්ධනය වුනාවු ඔවුන් විසින් ගොඩ නොනැගූ නගර වලට පා තබනු ඇත (10 පදය). ඔවුහු උපයා නොගත් වස්තුව ඇති නිවාසවල පදිංචියට යනු ඇත. ඔවුහු නොකැපූ ළිංවලින්ද ඔවුන් වගා නොගළ මිදී සහ ඔලීව වතු වලින්ද ප්‍රයොා්ජන ගනු ඇත (11 පය). මේ සියලු ආශිර්වාද පහසුවෙන් එක මූලාශ්‍රයක් වෙත එනම් නුඹලාගේ දෙවිවූ ස්වාමින්වහන්සේ (10 පදය) වෙත දිව යනු ඇත. නමුත් මෝසෙස්ට අවශ්‍ය වූයේ සෙනග දෙවියන්වහන්සේව අමතක නොකිරීමය (12 පදය).

ජීවිතයේ සමහර කාලවලදී අමතක කිරීම පහසුය. නමුත් අපගේ සියලු ආශිර්වාදවල මූලාශ්‍රය වන දෙවියන්වහන්සේගේ යහපත්කම අපි අමතක නොකරමු.