කෞතුකාගාරයකදී පුරාණ පහන් කිහිපයක් අසළ මම කාලය ගත කළෙමි. එහි ලාංජනයක ඒවා ඉශ්‍රායෙලයෙන් බව කොටා තිබුණි. කැටයම්වලින් අලකාර කර තිබූ එම පහන්වල කුහර දෙකක් විය. එකක් තෙල් පිරවීමටය. අනික තිරය පිණිසය. ඒවා සාමාන්‍යයෙන් බිත්ති කුළුණු මත තැබුවද ඒවා කෙතරම් කුඩා වීද යත් අතේ අල්ල මත ගෙන යා හැකි විය.

සමහර විට “ස්වාමින්වහන්ස ඔබ මාගේ පහනය. ස්වාමින්වහන්සේ මාගේ අන්ධකාරය ආලෝක කරන සේක” (2 සාමුවෙල් 22:29) කියා ලිවීමට මෙම පහනක් දාවිත්ව ජ්වලිත කරන්න ඇත. දාවිත් මෙම ගීය ගායනා කළේ දෙවියන්වහන්සේ ඔහුට යුද්ධයකින් ජය දුන් පසුවය. අභ්‍යන්තර සහ භාහිර සතුරෝ ඔහුව ආක්‍රමණය කර ඔහු මැරීමට උත්සාහ කළෝය. නමුත් ඔහු දෙවියන්වහන්සේ සමග තබා තිබු සම්බන්ධතාවය නිසා දාවිත් බියෙන් හැකිලුණේ නැත. දෙවියන්වහන්සේගේ අභිමුඛයෙන් ලැබෙන සහතිකය සමග ඔහු සතුරු ආක්‍රමණ වෙත පා නැගීය. දෙවියන්වහන්සේ ඔහුට උපකාර කළ නිසා ඔහුට සෑම දෙයක්ම පැහැදිළිව පෙණුන හෙයින් ඔහු ගැනද හමුදාව සහ ජාතිය ගැනද යහපත් තීරණ ගැනීමට ඔහුට හැකි වුනි.

ඔහු සඳහන් කළ අන්ධකාරයට දුර්වලකම, පරාජය සහ මරණයට ඇති බිය ඇතුළත් වන්න ඇති. අපගෙන් බොහෝ අය එවැනි කණස්සලුවලින් පෙළෙන්නෙමු. ඉන් අසහනය සහ අවපාතය ඇති වේ. අඳුර අපව සිර කරන විට දෙවියන්වහන්සේ අප සමග නිසා අපට සමාදානය ලබා ගැත හැකිය. අපි යේසුස්වහන්සේව මුහුණට මුහුණ හමුවන තුරු අප තුළ සිටින ශුද්ධාත්මයාණන්ගේ දිව්‍යමය දැල්ල අපගේ මාර්ගයට ආලෝකයක් වනු ඇත.