කලාකරු ඩග් මර්කිගේ “සිත් පිත් නැති” යන විශිෂ්ඨ නිර්මාණය “වෝල්නට්” ලී වලින් තැනූ කුරුසියක එල්ලී සිටින මනුෂ්‍යයෙකුගේ ලෝකඩ කෘතියක් පෙන්වයි. ඔහු එහි ලියා ඇත්තේ අපගේ ජීවිතයේ අඛණ්ඩ නිවැරදි සහ සරළ හැඩයයි යනුවෙනි. එනම් යදම් නැති සම්බන්ධතාවයකින් සම්පූර්ණයෙන්ම ක්‍රිස්තුස්වහන්සේ සහ ශුභාරංචිය මත යැපීමයි.

මාර්ක් 5:25-34 හි සඳහන් නිර්නාමික ස්ත්‍රියගේ වචන සහ ක්‍රියාවලින් අපි දකින්නේ එවැනි විශ්වාසයකි. වසර දොළහක්ම ඇයගේ ජීවිතය සුණු විසුණු වී තිබුණි (25 පදය). ඇය “නොයෙක් වෙදුන්ගෙන් බොහෝ දේ විඳ, තමා සතු සියල්ල වියදම්කළ නුමුත් කිසි පලක් නොලැබ, වඩා අමාරුවට පැමිණ” (26 පදය) සිටියාය. නමුත් යේසුස්වහන්සේ ගැන අසා උන්වහන්සේ වෙත ගොස් අත ගසා තම පීඩාවෙන් නිදහස් වූවාය (27-29 පදය).

ඔබගේ අවසානයට ඔබ ඇවිත්ද? ඔබගේ සියලු මූලාශ්‍ර අවසන් වී ඇත්ද? කලකිරීමෙන්, බලාපොරොත්තු රහිතව, පරාජය වී සිත් තැවුලෙන් සිටින ජනතාව කලකිරෙන්න අවශ්‍ය නැත. අර පීඩා විඳි කාන්තාව සහ මර්කිගේ නිර්මාණයෙන් පෙන්නුම් කළ ආකාරයේ ඇදහිල්ලකට ස්වාමිවූ යේසුස්වහන්සේ අදද ප්‍රතිචාර දක්වන සේක. මෙම ඇදහිල්ල ගීතිකා රචක චාර්ල්ස් වෙස්ලිගේ ගීතයක සඳහන් වේ : “පියාණෙනි, මම ඔබ වෙත මාගේ දෑත් දිගු කරමි. වෙන උපකාරයක් මම නොදනිමි”. ඔබට එවැනි ඇදහිල්ලක් නැද්ද? දෙවියන්වහන්සේව විශ්වාස කිරීමට උපකාර කරන ලෙසට උන්වහන්සේට කියන්න. වෙස්ලිගේ ගීතිකාව මෙම යාච්ඤාවෙන් අවසන් වේ. “ඇදහිල්ලේ කතුතුමෙනි, වෙහෙසින් බර මාගේ දෑස් ඔබ වෙත යොමු කරන්නෙමි. ඒ ත්‍යාගය දැන් මට ලැබේවා! මාගේ ආත්මය එය නැතිව මිය යනු ඇත”.