2009 දී ලොස් ඇන්ජලීස් ප්‍රාන්තය දරුවන් ගැන ගෙවීමට තිබූ බදු නතර කළේය. අලුතින් ගාස්තු අය නොකලද, පෙර ණය තිබූ අයට ඒවා ගෙවීමට සිදුවිය. නමුත් 2018 දී ප්‍රාන්තය සියලු ණය කපා හරින ලදී.

සමහර පවුල් වල ජීවත්වීමේ අරගලයට එය විශාල රුකුලක් විය. ඔවුන්ගේ වතු පිටි නිදහස් විය. වැටුප් කැපීම් නැතිවුණි. ඒහෙයින් තම පවුල් වලට ආහාර සැපයීමේ ගැටළුව නිමාවිය. මෙවැනි දුෂ්කරතා නිසා දෙවියන්වහන්සේ වසර හතෙන් හතට ණය කපා දැමීමට ඉශ්‍රායෙල්වරුන්ට අණ කළ සේක (ද්වීථිය කථාව 15:2). සෙනග ණය බරින් සැමදා අකර්මණ්‍ය වීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නොවීය.

ඉශ්‍රායෙල් සෙනගට තම හවුල් රටවැසියන්ගෙන් පොලී ගැනීම තහනම් විය (නික්මයාම 22:26). ඔවුන් ණයට දිය යුතු වුයේ අසීරුතාවලින් යන අයට උපකාර කිරීමටය. සමහර විට ඒ අස්වැන්න අඩුවීමක් නිසා විය හැකිය. සෑම වසර හතකට වරක් ණය නොමිළයේ කපා හැරුණි. ඒහෙයින් සෙනග අතර දුගීකම අඩු විය (ද්වීථිය කථාව 15:4).

අද යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් මෙම නිති වලින් බැඳී නැත. නමුත් සමහර අවස්ථාවලදී දෙවියන්වහන්සේ සමහරෙකුට සමාව දෙන්නැයි අපට කිව හැකිය. ඒ ඔවුන්ට නැවත සමාජයේ අලුතින් ජීවිතයක් ආරම්භ කිරීමටය. අප එවැනි දයාවක් සහ ත්‍යාගශීලිත්වයක් අන් අයට පෙන්වන විට අප දෙවියන්වහන්සේගේ චරිතය ඔසවමු. සෙනගට බලාපොරොත්තුවක් දෙන්නෙමු.