වසර තිස්දෙකක්ම මනුෂ්‍යයෙක්ගේ ජීවිතය භිය විසින් පාලනය කෙරුණි. ඔහුගේ අපරාධවලට අසුවේ යැයි බියෙන් ඔහු තම සහෝදරියගේ ගොවිපළේ සැඟවී සිටියේය. ඔහු කොහේවත් ගියේ නැත. කිසිවෙක්වත් හමුවූයේ නැත. ඔහුගේ මවගේ අවමංගල්‍යයටවත් යාමට ඔහුට නොහැකි වුනි. ඔහුට වයස හැට හතරක් වූ විට ඔහුට විරුද්ධව කිසිම නඩුවක් නොමැති බව ඔහුට දැන ගන්නට ලැබුණි. එම මනුෂ්‍යයාට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ඉඩ ලැබුණි. එසේය, දඬුවම ගැන තිබූ භය සත්‍යයකි. නුමුත් ඔහු එම බියට තමන්ව පාලනය කිරීමට ඉඩ දුන්නේය.

එලෙසම ඒලා මිටියාවතෙහිදී පිලිස්තිවරු ඔවුන්ට අභියෝග කළ වෙලාවේ ඉශ්‍රායෙල්වරුන්ද බියෙන් පාලනය වූහ. තර්ජනය සත්‍ය විය. ඔවුන්ගේ සතුරා වූ ගොලියත් අඩි 9 යි අඟල් 9 ක් විය. ඔහුගේ ශරීරයෙහි යුද ඇඳුම රාත්තල් 125 ක් බර විය (1 සාමුවෙල් 17:4-5). දින හතළිහක් උදය සහ රාත්‍රියෙහි ගොලියත් ඉශ්‍රායෙල් හමුදාවට තමා සමග සටනට එන්න යැයි අභියෝග කළේය. නමුත් කිසිවෙක් ඉදිරියට ආවේ නැත. දාවිත් යුද පිටියට එන තෙක් කිසිවෙක් ආවේ නැත. ඔහු අපහාසය දුටුවේය. එයට කන් දුන්නේය. ගොලියත් සමග සටන් කිරීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් විය.

ඉශ්‍රායෙල් හමුදාවේ සියලු දෙනා සිතුවේ සටන් කිරීමට ගොලියත් විශාල වැඩියි කියාය. දෙවියන්වහන්සේට ඔහුව විශාල නැති බව දාවිත් නම්වූ එඬේර කොල්ලා දැන සිටියේය. දාවිත් කීවේ “ස්වාමින්වහන්සේ ගළවන සේක. සටන ස්වාමින්වහන්සේගේය” කියාය (47 පදය).

අප භයින් යටවූ විට දාවිත්ගේ ආදර්ශය අනුගමණය කරමු. ගැටළුව ගැන හරි අවබෝධයක් ලබා ගැනීමට අපගේ දෑස් දෙවියන්වහන්සේ කෙරෙහි යොමු කරමු. තර්ජනය සත්‍යයක් විය හැකිය. නුමුත් අප සමගද අප වෙනුවෙන්ද සිටින තැනැන්වහන්සේ අපට එරෙහිව සිටින අයට වඩා විශාලය.