මටත් මාගේ භාර්යාවටත් විනෝද ගමනක් යාමට ඉඩ හරින පිණිස කාරුණික මිතුරියක් අපගේ දරුවන් බලා ගැනීමට කැමති විය. “ඔබලා ලස්සන තැනකට යන්න ඕනෑ” ඇය කීවාය. අපි ප්‍රායෝගික පුද්ගලයන් නිසා පොළට යාමට අපි තීරණය කළෙමු. අපි බඩු මලු රැගෙන පැමිණි හෙයින් විශේෂ දෙයක් නොකළේ මන්ද කියා ඇය ඇසුවාය. අපි ඇයට කීවේ විනෝද ගමනක් විශේෂිත වන්නේ අප කරන දෙය අනුව නොව අප කාලය ගත කරන්නේ කා සමගද යන්න අනුවය කියාය.

දෙවියන්වහන්සේ පැවසූ හෝ කළ දෙයක් සෘජුව ප්‍රකාශ නොකරන එක් බයිබල් පොතක් නම් රූත්ය. ඒහෙයින් එය සාමාන්‍ය කථාවක් මෙන් පෙනිය හැකිය. එසේ හෙයින් සමහරකු එය කියවන්නේ සිත් කාවදින නුමුත් එය දෙදෙනෙකු සම්බන්ධවීම පිළිබඳ කථාවක් ලෙසය.

නමුත් සත්‍ය ලෙස එහි යම් අසාමාන්‍ය දෙයක් සිදුවේ. රූත් අවසන් පරරිච්ඡේදයෙහි රූත් සහ බෝවස්ගේ එක්වීමෙන් දාවිත්ගේ සීයා වූ ඔබෙද් උපදිනවා අපි දකිමු (4:17). මතෙව් 1:1 හි යේසුස්වහන්සේ උපදින්නේ දාවිත්ගේ පරම්පරාවෙන් බව අපි දකිමු. රූත් සහ බෝවස්ගේ සාමාන්‍ය කථාව යේසුස්වහන්සේ විශේෂිත කථාවක් ලෙස අනාවරණය කරයි. එහි දෙවියන්වහන්සේගේ විශ්මිත සැළැස්ම ක්‍රියාත්මක වෙනවා අපි දකිමු.

අපගේ ජීවිතද බොහෝ විට එලෙස පෙනේ. සාමාන්‍ය ලෙසත් විශේෂ දෙයක් නැති ලෙසත් පෙනේ. නමුත් අපගේ ජීවිත ක්‍රිස්තුස්වහන්සේ තුළින් අප දකින විට සාමාන්‍ය තත්ත්වයන් සහ සම්බන්ධතාවලට උන්වහන්සේ සදාකාලික වැදගත්කමක් දෙන බව අපි දකිමු.