ටොම් සහ මාර්ක්ගේ සේවය ජීවිත නැවුම් කරයි. ඔවුන්ගේ වීඩියෝවක එය හොඳින් පෙනේ. හොඳින් ඇඳ පැළඳ ගත් දරුවන් කණ්ඩායමක් සිනහ සෙමින් නැවුම් ජල කරාමයක් යට නටන්නෝය. ඒ ජීවිතයේ පළමු වරටය. ටොම් සහ මාර්ක් හයිටියේ දේශීය සභා සමග එකතු වී ජල ව්‍යාපෘතියක් කරති. අපිරිසිදු ජලය නිසා ඇතිවන රෝග මර්ධනය වීම නිසා ජීවිත දීර්ඝ වී දේශයේ අයවළුන්ට පහසුව ළඟවේ. පිරිසිදු හා නැවුම් ජලය සැපයිම නිසා තම අනාගතය ගැන සෙනගට බලාපොරොත්තුවක් ලැබේ.

ඒ හා සමානවූ නැවුම් බව නොකඩවා ලබා දෙන මූලාශ්‍රයක් වූ “ජීවනදායක ජලය” ගැන යොහන් 4 හි යේසුස්වහන්සේ කථා කළ සේක. වෙහෙසව පිපාසිතව සිටී යේසුස්වහන්සේ සමාරිය ස්ත්‍රියකගෙන් බීමට ජලය ඉල්ලූ සේක (4-8 පද). මේ ඉල්ලීම දෙබසකට පෙරළී යේසුස්වහන්සේ එම කාන්තාවට “ජීවනදායක ජලය” එනම් ඔවුන් තුළ ජීවනය සහ බලාපොරොත්තුව ඇති කරන මූලාශ්‍රයක් ඉදිරිපත් කළ සේක (8-15 පද). එය “සදාකාල ජීවනය නික්මවන්නාවූ වතුර උල්පතක්” (14 පදය) බඳුය.

“යමෙකුට පිපාසා ඇත්නම් ඔහු මා ළඟට ඇවිත් බීවාවේ” කියා යේසුස්වහන්සේ කී විට මෙම ජීවන ජලය කුමක්දැයි යොහන් පොතෙහි පසුව අපට හමුවේ. උන්වහන්සේ ප්‍රකාශ කළේ උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නා “සදාකාල ජීවනය නික්මවන්නාවූ වතුර උල්පතක් මෙන් වන්නේය” (14 පදය) කියාය. යොහන් විස්තර කරන්නේ උන්වහන්සේ මෙයින් අදහස් කරන්නේ ආත්මයාණන්වහන්සේ ගැන බවයි (7:37-39).

ආත්මයාණන් තුළින් ඇදහිලිවතුන් ක්‍රිස්තුස්වහන්සේට සම්බන්ධවී දෙවියන්වහන්සේ තුළින් ඔවුන් බලය, බලාපොරොත්තුව සහ ප්‍රිතිය ලබනු ඇත. ජීවනදායක වතුර මෙන් ආත්මයාණෝ ඇදහිලිවතුන් තුළ ජීවත් වෙමින් අපව නැවුම්භාවයට සහ නැවත ප්‍රාණවත් බවට පත් කරනු ඇත.