දැන් සාර්ථක ලේඛිකාවක් වන කැට්ලින් ඇය පහර කෑමකට ලක්වූ පසු ඇයට ඇතිවූ මානසික අර්බූදය ගැන විස්තර කරන්නීය. ඇයගේ ශාරීරික අරගලයට වඩා හැඟීම් වල වූ කැපීම් ගැඹුරු විය. “මම කෙතරම් නොවටිනවාද? ඔබ දැනගත යුතු දැරිය මම නොවෙමි” කියා එය ඔප්පු කළ බව ඇයට හැඟුණි. ප්‍රේමය ලැබීමට ඇය නොවටී යැයි ඇය සිතුවාය. තමන් භාවිතා කර විසීකරන තත්ත්වයේ අයෙකු බව ඇයට හැඟුණි.

දෙවියන්වහන්සේ තේරුම් ගන්නා සේක. උන්වහන්සේ ප්‍රේමයෙන් යුතුව ඉශ්‍රායෙලයට එඬේරෙක් වූ සේක. උන්වහන්සේ කෙතරම් වටී දැයි ඇසු විට “ඔවූහු මාගේ කුලිය වන රිදී තිහක් කිරා දුන්නෝය” (සෙකරියා 11:12). එය වහළෙකුගේ කුලිය විය. වහලා හදිසි අනතුරකින් මිය ගියහොත් ස්වාමියා එය ගෙවිය යුතු විය (නික්මයාම 21:32). ගෙවිය යුතු අඩුම මිළ දෙවියන්වහන්සේට ලංසුවක් මෙන් තැබුණි. “ඔවුන් විසින් මා මිළ කළ අගය බලන්නැයි” දෙවියන්වහන්සේ උපහාසයෙන් කී සේක. සෙකරියාට එම මුදල් වීසි කරන්න අණ කෙරුණි.

යේසුස්වහන්සේ තේරුම් ගන්නා සේක. උන්වහන්සේව මිත්‍රයා විසින් පාවා දුන්නා පමණක් නොවේ උන්වහන්සේව පාවා දෙනු ලැබුවේ වෛරයෙනි. යුදෙව් නායකයෝ ක්‍රිස්තුස්වහන්සේව එපා කළෝය. ඒහෙයින් පුද්ගලයෙකුගේ අඩුම වටිනාකම වන රිදී කාසි තිහ යුදස්ට දෙනු ලැබුණි. ඔහු එය ගත්තේය (මතෙව් 26:14-15; 27:9). යුදස් විසින් යේසුස්වහන්සේව අඩුවෙන් තක්සේරු කළේය. උන්වහන්සේව නොමිළේම වාගේ වික්කේය.

සෙනග යේසුස්වහන්සේව අඩුවෙන් තක්සේරු කළේ නම් ඔබට එසේ කරන විට පුදුම නොවන්න. ඔබගේ වටිනාකම අන් අය කියන ගණන නොවේ. ඔබ සිතන ගණනත් නොවේ. එය ඇත්තෙන්ම දෙවියන්වහන්සේ මිළ කරන ගණන පමණි. ඔබ වෙනුවෙන් මැරෙන්න තරම් ඔබ වටිනා බව උන්වහන්සේ සිතූ සේක.