මම මෝටර් රථයට ගොඩවන විට දිලිසෙන යමක් මාගේ ඇස ගැටුණි. පසුපස ටයරයේ පසෙක ඇණයක් ගිලී තිබුණි. මම කණ තබා බැලීමි. හුළං පිටවන ශබ්දයක් නොඇසුණි. ඒ මොහොතට සහනයක් සළසමින් ඇණයෙන් කුහරය සිරවී තිබුණි.

මා ටයර් කඩයකට යන අතර කල්පනා කළේ එම ඇණය කොපමණ කාලයක් එහි තිබෙන්න ඇත්ද? දින ගණනක්? සති ගණනාවක්? මා නොදැන සිටි තර්ජනයකින් මා කොතරම් කාලයක් ආරක්‍ෂාවන්න ඇද්ද? කියාය.

අප සෑම දෙයක්ම පාලනය කරනවා යන මායාවේ අප ඇලී ගැලී ඉන්නවා විය හැකිය. නමුත් එම ඇණය මට සිහිපත් කළේ අපි එසේ නොවෙමු කියාය.

අපගේ ජීවිතය පාලනය කළ නොහැකි සහ අස්ථාවරව ඇතැයි අපට හැඟෙන විට අපට විශ්වාසය තැබිය හැකි දෙවි කෙනෙක් අපට සිටී. ගීතාවලිය 18 හි තමන්ව ආරක්‍ෂා කිරීම ගැන දාවිත් දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්නේය (34-35 පද). “මාගේ ඉණ බලයෙන් සරසන්නේ උන්වහන්සේය….. ඔබ මාගේ අඩිපාර පළල් කළ සේක. මාගේ පාදයෝද නොලිස්සුවෝය” (32 සහ 36 පද) යයි දාවිත් කියයි. මෙම ප්‍රශංසාවේ ගීතිකාවේදී දෙවියන්වහන්සේගේ රැකවරණයේ අභිමුඛය දාවිත් සමරන්නේය (35 පදය).

මම දාවිත් මෙන් පුද්ගලිකව යුද්ධයට නොයමි. අනවශ්‍ය අවදානම් නොගැනීම පිණිස මම අවශ්‍ය පියවර ගතිමි. නමුත් බොහෝ විට මාගේ ජීවිතයට වියවුල් පැමිණේ.

සෑම ජීවිත කරදරවලදී දෙවියන්වහන්සේ ආරක්‍ෂාව පොරොන්දු නොවුනද මා සිටින තැන දෙවියන්වහන්සේ දන්නා සේක. මා යන ස්ථානයද මා මුහුණ දෙන දේවල්ද උන්වහන්සේ දන්නා සේක. උන්වහන්සේ සියල්ලේ දෙවියන්වහන්සේය. අපගේ ජීවිතවල “ඇණ” වලදී පවා.