“මියර් ක්‍රිස්ටියැනිටි” නම් පොතෙහි සී.එස්. ලුවිස් ලීවේ “අනිවාර්යයෙන් දෙවියන්වහන්සේ කාලයට සීමා නොවේ. උන්වහන්සේගේ ජීවිතය මිනිත්තුවකට පසු එන මිනිත්තුවක් නොවේ…. දහයයි තිහ … සහ ලෝකයේ ආරම්භයේ සිට සෑම මොහොතක්ම උන්වහන්සේට වර්තමානය වේ” යනුවෙනි. සෘතු ගත වන තුරු සිටින විට කාලය ගෙවෙන්නේ නැතැයි අපට සිතේ. නමුත් අපි දෙවියන්වහන්සේව එනම් කාලය සෑදු තැනන්වහන්සේව විශ්වාස කිරීමට ඉගෙන ගන්නා විට අපගේ බිඳෙන සුළු පැවැත්ම උන්වහන්සේගේ හස්තයේ සුරක්‍ෂිත බව අපට පිළිගත හැකිය.

ගීතිකාකරු 102 වන ගීතිකාවේ විලාපයක් ලෙස පවසන්නේ ඔහුගේ ජීවිතය “බැසයන සෙවනැල්ලක්” හෝ “වියළෙන තණකොළ” හෝ මෙන් වන අතර “දෙවියන්වහන්සේ සියලු පරම්පරාවන් වලට පවතින” බවයි (11-12 පද). පීඩාවලින් වෙහෙසට පත්වී ලේඛකයා ලියන්නේ දෙවියන්වහන්සේ “සදාකල් වැඩ ඉන්න සේක” (12 පදය) කියාය. එසේම දෙවියන්වහන්සේගේ බලය සහ අනුකම්පාව තමාගේ කාලයට එහා යන බවය (13-18 පද). අපේක්‍ෂා බංගත්වයේදී පවා (19-24 පද) මැවුම්කරුවාණන් ලෙස දෙවියන්වහන්සේගේ බලය දෙසට ගීතිකාකරු තම අවධානය යොමු කරන්නේය (25 පදය). උන්වහන්සේගේ මැවිල්ල විනාශ වුවද සදාකාලයෙහිද උන්වහන්සේ එසේම සිටින සේක (26-27 පද).

කාලය ඇදී යනවා හෝ නැවතී ඇතැයි හෝ අපට දැනෙන විට දෙවියන්වහන්සේ උත්තර දෙන්නේ නැතැයි හෝ ප්‍රමාද යයි කියා හෝ දොස් කීමට අපට සිතේ. අපගේ මාර්ගයහි ඇති සෑම සිමෙන්ති ගලක්ම උන්වහන්සේ තෝරා ගෙන තිබෙන බව අපට අමතක විය හැකිය. අපගේ පාර සොයා ගැනීමට ඉඩදී උන්වහන්සේ අපව අත්හැර දමන්නේ නැත. අපි ඇදහිල්ලෙන් උන්වහන්සේගේ අභිමුඛයෙහි ජීවත් වන විට දෙවියන්වහන්සේ සමග වර්තමානයේ අපට ගමන් කළ හැකිය.