මා මාහාචාර්යවරයෙක් නිසා තමන්ව අනුමත කර ලිපි ලියා දෙන්නැයි ශිෂ්‍යයෝ මාගෙන් ඉල්ලති. ඒ නායකත්ව නිලයක්, පිටරට ඉගෙනීමකට, ඉහළ උපාධියක් සඳහා සහ රැකියාවන් සඳහාය. එම එක් එක් ලිපිය මගින් සිසුන්ගේ චරිත සහ සුදුසුකම් පැසසීමට මට අවස්ථාවක් ලැබේ.

පුරාණ ලෝකයේ කිතුණුවන් සංචාරය කරද්දී ඔවුන්ගේ සභාවන් වලින් එවැනි අනුමැති ලිපි රැගෙන ගියෝය. එවැනි ලිපියක් තිබෙන විට එම සහෝදරයා හෝ සහෝදරියට හොඳ පිළිගැනීමක් තිබේ.

අපෝස්තලු පාවුල් කොරින්තියට කථා කරන විට ඔහුට ලිපියක් අවශ්‍ය නොවීය. ඔව්හු ඔහුව දැන සිටියෝය. ඔහු එම සභාවට ලියූ දෙවන ලිපියේ පාවුල් තමා ශුභාරංචිය අවංකව දේශනා කළ බව පැවසීය. ඒ පුද්ගලික වාසි නිසා නොවේ (2 කොරින්ති 2:17). නමුත් තමාගේ දේශනාවේ අරමුණ පැහැදිළි කරන විට තමාවම අනුමත කරගැනීමට උත්සාහ කරනවා කියා පාඨකයෝ සිතනු ඇතැයි පාවුල් කල්පනා කළේය.

එවැනි ලිපියක් ඔහුට අවශ්‍ය නොවීය. පාවුල් කීවේ එම සභාවේ සෙනග අනුමැතියේ ලිපි මෙන්ය කියාය. ඔවුන්ගේ ජීවිතවල ක්‍රිස්තුස්වහන්සේගේ පැහැදිළි ක්‍රියාව “තීන්තෙන් නොව ජීවමාන දෙවියන්වහන්සේගේ ආත්මයෙන්” (3:3) ලියා තිබුණි. ඔවුන්ගේ ජීවිත “සියලු මනුෂ්‍යයෝ කියවන” අනුමැති ලිපි විය (3:2). අප
යේසුස්වහන්සේ අනුගමණය කරන විට අප ගැනද එය සත්‍ය වන්නේය. අපගේ ජිවිත ශුභාරංචියේ යහපත ප්‍රකාශ කරන්නේය.