පරාජය වීමට නොහැකිය. එම වචන පවසන ලද්දේ සූසන් බී. ඇන්තනි (1820-1906) විසිනි. ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් ගැන නොසැළී සිටීම නිසා ඇය ප්‍රසිද්ධ විය. නීතියට පටහැනිව ඡන්දය දැමීම ගැන වරදකාරියක් වුවද ස්ත්‍රීන්ගේ ඡන්ද අයිතිවාසිකම් ගැන සටන් කිරීම නොනැවැත්වීමට ඇන්තනි දිව්රුම් දුන්නාය. තමාගේ පරමාර්ථය සාධාරණ බව ඇය දැන සිටියාය. තම ශ්‍රමයේ ප්‍රතිඵල ඇය නුදුටුවද ඇයගේ ප්‍රකාශය සත්‍ය බව පසුව ඔප්පු විය. 1920 දහනව වන ව්‍යවස්ථා සංශෝධනයේදී ස්ත්‍රීන්ට ඡන්ද බලය ලැබුණි.

නෙහෙමියාටද පරාජය විකල්පයක් නොවීය. ඊට ප්‍රධාන හේතුව වූයේ ඔහුට බලවත් අතහිත දෙන්නෙක් සිටි නිසාය. ඒ දෙවියන්වහන්සේය. ඔහුගේ ව්‍යායාමට ආශිර්වාද කරන්නැයි දෙවියන්වහන්සේගෙන් ඉල්ලා ඔහු තමා සහ බබිලෝනියට පලා ගොස් නැවත පැමිණි සෙනග සමග යෙරුසලම් පවුර ගොඩ නැගීම ආරම්භ කළේය. සෙනගට සතුරන්ගෙන් ආරක්‍ෂා වීමට පවුර අවශ්‍ය විය. නමුත් රැවටිල්ල සහ තර්ජන ලෙස විරුද්ධතා පැමිණියේය. විරුද්ධ කරුවන්ට තමාව මර්ධනය කිරීමට නෙහෙමියා ඉඩ දුන්නේ නැත. ඔහු තමාට විරුද්ධ වූ අයට කීවේ “මම මහත් වැඩක යෙදී සිටිමි” (3 පදය) කියාය. ඊළඟට ඔහු යාච්ඤා කළේ “දැන් මාගේ අත් සවි කළ මැනව” (9 පදය) කියාය. උත්සාහයට ස්තුති වේවා. වැඩය සම්පූර්ණ විය (15 පදය).

විරෝධතා මධ්‍යයෙහි දැඩිව සිටීමට දෙවියන්වහන්සේ නෙහෙමියාට ශක්තිය දුන් සේක. අත්හැර දැමීමට පරීක්‍ෂාවක් පැමිණි වැඩක් ඔබට තිබේද? ඉදිරියට යාමට ඔබට අවශ්‍ය දෙය දෙවියන්වහන්සේගෙන් ඉල්ලන්න.