මෑතකදී අපගේ සභාවේ කිහිප දෙනෙක් – විශේෂයෙන් ඔවුන්ගේ පියවරුන් සමග හරි සම්බන්ධතාවයක් නොතිබූ අය තමන්ට ප්‍රේමණිය පියෙකු වී ආශිර්වාද කරන්න කියා මට කීවෝය. ආශිර්වාදයට පෙර පියෙක් විසින් දරුවන්ට ඉෂ්ට කළ නොහැකි ඉහළ වැඩි ඉලක්ක තැබීමෙන් හෝ ඔවුන්ට කාලය, ස්ථිරකම හෝ බහුල ප්‍රේමය යනාදිය නොදීමෙන් වූ සිත් රිදීම් ගැන සමාව ඇයැද සිටීමට සිදු විය. ආශිර්වාදය දෙන විට මම හැඬුවෙමි. මට අදත් එවැනි වචන අවශ්‍ය බවත් මාගේ දරුවන්ට ඒවා කෙතරම් අවශ්‍යද කියාත් මට සිහි විය.

දෙවියන්වහන්සේ අපගේ පියා ලෙසට බයිබලය බොහෝ වර පෙන්නුම් කරන්නේය. ඒ අප තුළ ඇති විකෘති පියවරුන්ගේ රුපකයන් වෙනස් කරමිනි. අපගේ සදාකාලික පියාණෝ අපව දේව දරුවන් කරමින් අප මත සම්පූර්ණ ප්‍රේමය වගුරුවා ඇත (1 යොහන් 3:1). අවිනිශ්චිත එසේම භිය උපදවන ලෝකයක දෙවියන්වහන්සේගේ පුත්‍රයන් සහ දියණියන් ලෙස අපට ඇති අනන්‍යතාවය අපට ස්ථිරත්වයක් දෙන්නේය. “අපි දෙවියන්වහන්සේගේ දරුවෝය. අපි කොයි ආකාර අය වන්නෙමුදැයි තවම ප්‍රකාශවී නැත” (2 පදය). සැමදා ඇති අභියෝගවලට මුහුණ දෙන විට අපට ස්ථිර විය හැක්කේ අපගේ පියාණෝ අපට ප්‍රේම කරන බවත් සපයන බවත් එය නොනවත්වන බවත් දැන ගැනීමෙනි. සෑම දෙයක්ම අවසන් වූ පසු යොහන් ලිවු අනුභාවයෙන් යුක්තවූ වචන තුළින් දෙවියන්වහන්සේ පවසන්නේ “අපි උන්වහන්සේ මෙන් වන බව අපට ස්ථිර විය හැකිය” (2 පදය) කියාය.

අපගේ කණස්සල්ල, තුවාල සහ පරාජයන් මධ්‍යයෙහි අපගේ යහපත් පියාණෝ අපට අවසන් නොවන ප්‍රේමයක්, ආශිර්වාදයක් ලෙස දෙන සේක. අපව උන්වහන්සේගේ දරුවන් කර ඇති හෙයින් අපි උන්වහන්සේට අයිති බවත් උන්වහන්සේ සහතික කරන සේක.