එක් නත්තල් දිනයකදී මාගේ ආච්චී මට අලංකාර මුතු මාලයක් දුන්නාය. මාගේ ගෙල වටා එම අලංකාර පබළු දීප්තියක් ගෙන දුන්නේය. දිනක් මාලය කැඩුණි. කුඩා පබළු අපගේ ලී පොළොව මත විසිරිණි. ලෑලි එහා මෙහා අතගාමින් මම එකිනෙක මුතු එකතු කළෙමි. එකිනෙක ගත් කල ඒවා ඉතා කුඩාය. නමුත් ඒවා එකට බැන්ද විට එම මුතු විශාල දීප්තියක් දුන්නේය.

සමහර විට එම තනි පබළු මෙන් මා දෙවියන්වහන්සේට “එසේය” කීම නොවැදගත් ලෙස මට පෙනේ. ඉතා මනහර ලෙස කීකරු වූ යේසුස්වහන්සේගේ මව වන මරියාට මාව සංසන්දනය කර ගතිමි. මෙසියස්වහන්සේට උත්පත්තිය දීමට ඇයට කැඳවීමක් දුන් විට ඇය “එසේය” කීවාය. “බැලුව මැනව. ස්වාමින්වහන්සේගේ දාසීමි. ඔබගේ වචනය ලෙස මට වේවා” කියා ඇය කීවාය (ලූක් 1:38). ඇයගෙන් අවශ්‍ය කරන සියලු දෙය ඇයට වැටහුණාද? ඇයගේ පුත්‍රයාව කුරුසියට යැවීමේ විශාල “එසේය” කීමක් ඇය ඉදිරියෙහි තිබුණි.

දේවදුතයන් සහ එඬේරුන්ගේ පැමිණීමෙන් පසු බයිබලයේ ලූක් 2:19 හි පවසන්නේ “මරියා සියලු කීම් සිතේ තබා ගෙන මෙනෙහි කළාය” යනුවෙනි. සිතෙහි තබා ගෙන යනු ගබඩා කිරීමය. මෙනෙහි කිරීම යනු ඒවා එකිනෙක ගැට ගැසීමය. ලූක් 2:51 හි එම වැකිකඩ නැවත සඳහන් වේ. ඇයගේ ජීවිතය පුරා ඇයට තව බොහෝ “එසේය” කීම් තිබුණි.

මරියාට මෙන් අපගේ ජීවිතයේද කීකරුකමේ යතුර නම් බොහෝ “එසේය” කීම් එකට ඇමිණීමයි. ඒ අපගේ පියාණන්ගේ ආරාධනය පරිදි අපගේ එසේය කීම් වරකට එක බැගින් ගෙන කැපවූ ජිවිතයක මාලයක් වන ලෙසට ඒවා එකට ඇමිණීමෙනි.