“සේවයට කැඳවීම” යන පොතෙහි කර්තෘ රොබට් කෝල්ස් සේවය කිරීම ගැන හේතු පර්යේෂණ කරයි. වයසක ස්ත්‍රියකගේ සේවයක් ගැන සිත ඇදී යන කථාවක් ඔහු ලියයි. පාසැල් බසයක් පැදවූ ඇය දරුවන් ගැන විශාල සැලකිල්ලක් දැක්වූවාය. පාසැලට යන සෑම දිනයකදීම ළමුන්ගේ ගෙදර වැඩ ගැන ඇය ප්‍රශ්න කළාය. ඔවුන්ගේ සාර්ථකත්වය සැමරුවාය. ඇය තම ජීවිත ඉලක්කය දක්වමින් “මේ දරුවන්ගේ ජීවිතයේ සාර්ථකත්වය දකින්න මට ඕනේ” යයි කීවාය. නමුත් ඊට තවත් හේතුවක්ද තිබුණි.

තරුණියකව සිටින අවධියේ නැන්දණියකගේ කථාවක් ඇයගේ සිතට තදින් කා වැදී තිබුණි. “ඇය අපට කීවේ අපි දෙවියන්වහන්සේ දකින යමක් කළ යුතුය. නැත්නම් විශාල මිශ්‍ර කිරීමේදී අපි විනාශ විය හැකිය” කියායි. මහා මිශ්‍ර කිරීමේදී විනිශ්චයෙන් නිරයට යයි යන බියෙන් දෙවියන්වහන්සේගේ අවධානය ගැනීමට ඇය ක්‍රම යොදා ගෙන තිබුණි. එනම් සභාවට යෑම – “එවිට උන්වහන්සේ මගේ ඇලුම්කම දකින සේක”. “මම කරන්නේ කුමක්දැයි අන් අයගෙන් උන්වහන්සේ අසන පිණිස” වෙහෙසවී අන් අයට සේවය කිරීම.

ඇයගේ වචන කියවන විට මම ශෝකයට පත් වූයෙමි. දෙවියන්වහන්සේගේ අවධානය දැනටම ඇති බව මෙම ප්‍රේමණීය ස්ත්‍රිය නොදැන සිටියේ කෙසේද? (මතෙව් 10:30). විනිශ්චයෙන් සදහටම අපව නිදහස් කරමින් යේසුස්වහන්සේ එම විශාල මිශ්‍ර කිරීම විසඳා ඇති බව ඇය අසා නොතිබුණේ කෙසේද? (රෝම 8:1). ගැළවීම යහපත් ක්‍රියාවලින් උපයා ගත නොහැකි බවත් විශ්වාස කරන ඕනෑම කෙනෙකුට එය තෑග්ගක් බවත් ඇයට මග හැරුණේ කෙසේද? (එපීස 2:8-9).

ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය, මරණය සහ නැවත නැගිටීම දෙවියන්වහන්සේ සමග අපගේ අනාගතය විසඳා ප්‍රීතියෙන් අන් අයට සේවය කිරීම සඳහා අපව නිදහස් කර තිබේ.