ලන්ඩන් බී.බී.සී. ගුවන් විදුලියෙහි පෝල් ආර්නල්ඩ්ට ලැබුණු පළමු රැකියාව ගුවන් විදුලි නාට්‍යවල ඇවිදින ශබ්ද ඇති කිරීමය. දර්ශණයක නළුවෝ කථාව කියවන අතර වේදිකා කළමණාකරු ලෙස පෝල්ට කරන්න තිබුණේ නළුවන්ගේ හඬ සහ පද පේළි අනුව ශබ්ද සමබර වන ලෙසට පරෙස්සමෙන් තම පාදවලින් ශබ්ද ඇති කිරීමය. ඔහුට අනුව ප්‍රධාන අභියෝගය නම් කථාවේ නළුවාට යටත් වීමය. එනම් ඔවුන් දෙදෙනා එකට වැඩ කිරීමය.

මෙවැනි සහයෝගයක දිව්‍ය උදාහරණයක් අපි 119 වැනි ගීතිකාවේ දකිමු. එහි අවධානය වන්නේ දේව වචනයෙහි පනත් අනුව ජීවත් වීමය. ගීතාවලිය 119:1 හි පවසන පරිදි “ස්වාමින්ගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය. ඔව්හු උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙති”. දෙවියන්වහන්සේ විසින් එම මාර්ගයෙහි මග පෙන්වනු ලැබ උන්වහන්සේගේ ආඥා අනුව යාමෙන් අපට පවිත්‍රව සිටිය හැකිය (9 පදය), අපහාස ජයගත හැකිය (22 පදය), තන්හාව මග හැරිය හැකිය (36 පදය), පාපය පාලනය කිරීමට උන්වහන්සේ අපට උපකාර වනු ඇත (61 පදය), භක්තිවන්ත මිතුරන් සොයා දෙනු ඇත (63 පදය), ප්‍රීතියෙන් ජීවත්වීමට ඉඩ දෙනු ඇත (111 පදය).

දේවධර්මාචාර්ය චාර්ල්ස් බ්‍රිජ් 133 වන පදය ගැන කියා ඇත්තේ “මා ලෝකයට අඩියක් තබන විට, ක්‍රිස්තුස්වහන්සේ මගේ පූර්ණ ආදර්ශයයි පෙන්වන්න මෙය දෙවියන්වහන්සේගේ වචනයට අනුකූලද කියා අසන්න මට ඉඩ දෙන්න” කියාය.

මෙලෙස අප ගමන් කරන විට අපි ලෝකයට යේසුස්වහන්සේව පෙන්වමු. අපගේ නායකයා, මිතුරා සහ ගැළවුම්කරුවාණන්ව අප තුළින් සෙනග දකින ආකාරයට උන්වහන්සේ සමග කිට්ටුවෙන් ගමන් කරන්න උන්වහන්සේ අපට උපකාර කරන සේක්වා.