ප්‍රායෝගික ලෙස දෙවියන්වහන්සේගේ ප්‍රේමය පෙන්වීමේ අවස්ථාවක් දකුණු කැලිෆෝර්නියාවේ සභාවක් දුටුවෝය. යේසුස්වහන්සේ තුළ අදහිලිවතුන් ප්‍රදේශයේ ලොන්ඩරියකට එකතු වූවෝය. ඒ ආර්ථික අමාරුකම් ඇති අයගේ අඳුම් නොමිළයේ සෝදා දීමටය. ඔව්හු රෙදි සෝදා නවා දුන්නෝය. සමහරුන්ට උණු උණු කැම වේලක් සපයා දුන්හ. තවත් සමහරුන්ට වියළි ආහාර මලු දුන්නෝය.

එක් ස්වෙච්ඡා සේවකයෙක් පැවසුවේ “ජනතාව සමග නියමාකාරයෙන් සම්බන්ධ වීමට…ඔවුන්ගේ කථා ඇසීමට” ලැබීම මහත් භාග්‍යයක් වූ බවයි. ඔවුන් යේසුස්වහන්සේ සමග තබා තිබූ සම්බන්ධතාවය නිසා මේ ස්වෙච්ඡා සේවකයින්ට අවශ්‍ය වූයේ අන් අය සමග සත්‍ය සම්බන්ධතාවයක් ඇති කරන ප්‍රේමණීය වචන සහ ක්‍රියා පෙන්වීමටය.

අපෝස්තලු යාකොබ් ස්ථිර කරන්නේ ඇදහිලිවතෙකුගේ ප්‍රේමණිය සේවයේ සෑම ක්‍රියාවක්ම සත්‍ය ඇදහිල්ලේ ප්‍රතිඵලයක් කියාය. ඔහු පවසන්නේ “ඇදහිල්ල ක්‍රියා නැතුව තනියම තිබේ නම් මැරිලාය” කියාය. (යාකොබ් 2:14-17). අපි විශ්වාස කරන බව ප්‍රකාශ කිරීමෙන් අපි දෙවියන්වහන්සේගේ දරුවෝ බවට පත්වෙමු. නමුත් අපි යේසුස්වහන්සේව විශ්වාස කරමින් උන්වහන්සේව අනුගමණය කරන ඇදහිලිවතුන් වන්නේ අන් අයට සේවය කරමින් අපි උන්වහන්සේට සේවය කරන විටදීය (24 පදය). ඇදහිල්ල සහ සේවය, ශරීරය සහ ආත්මය මෙන් එකිනෙකින් යැපේ (26 පදය). ඒ උන්වහන්සේ අප තුළින් සහ අප මගින් ක්‍රියා කරමින් ක්‍රිස්තුස්වහන්සේගේ බලය මනහර ලෙස දැක්වීම නිසාය.