යෙරුසලමේ නැගෙනහිරින් මතුවන ස්වාභාවික උල්පතක් තිබේ. පුරාණ කාලයේදී නගරයට ජලය සැපයුවේ එම උල්පත පමණි. එය තිබුණේ නගරයට පිටින්ය. ඒහෙයින් යෙරුසලමට තිබු විශාලම අවදානම එය විය. නගරයට ඇතුල්වීමට සතුරාට නොහැකි විය. නමුත් උල්පත වසා දැමුවහොත් හෝ හැරවූවොත් හෝ නගරවාසීන්ට යටත් වීමට සිදුවේ.

හෙසෙකියා රජු මෙම ගැටළුව විසඳීය. ඒ ගල් අතරින් අඩි 1750 ක අගලක් නගරය තුළට කැපීමෙනි. එය පහළ පොකුණ නැමති පොකුණට වැටුණි (2 රාජාවලිය 20:20; 2 ලේකම් 32:2-4 බලන්න). නමුත් මෙම සෑම දෙයකදීම “එහෙත් ඒක කළ තැනන්වහන්සේ දෙස (හෙසකියා) බැලුවේවත් මීට බොහෝ කලකට පළමුවෙන් ඒක (සැළසුම් කළ) තැනන්වහන්සේ සැළකුවේවත් නැත” (යෙසායා 22:11). සැළසුම් කළේ කුමක්ද?

දෙවියන්වහන්සේම යෙරුසලම් නගරය සැළසුම් කළේ කෙසේද කිවහොත් එහි ජල සැපයුමට ආරක්‍ෂාවක් නැති විය. පිටත තිබු උල්පත ඔවුන්ට අඛණ්ඩව මතක් කළේ නගරවාසීන් විසින් ඔවුන්ගේ ගැළවීම ගැන දෙවියන්වහන්සේ කෙරෙහි යැපිය යුතු බවය.

අපගේ සමහර අඩුපාඩුකම් අපගේ යහපත පිණිසම පවතින ඒවාද? එසේය. පාවුල් තම සිමාවන් ගැන පාරට්ටු කර ගත්තේය. මක්නිසාද ඔහු තුළ යේසුස්වහන්සේගේ බලය සහ අලංකාරය දැකිය හැකිවන්නේ ඒ මගින් වන හෙයිනි (2 කොරින්ති 12:9-10). දෙවියන්වහන්සේ අපගේ ශක්තිය බව පෙන්වන ත්‍යාගය ලෙස එක් එක් සීමාව දෙස අපට බැලිය හැකිද?