Archives: ජනවාරි 2020

ඈවරයි, දෑවරයි, තුන්ඈවරයි

ඈවරයි, දෑවරයි, තුන්ඈවරයි. දඟකාර චිත්‍ර ශිල්පී බෑන්ස්කි තවත් ප්‍රායෝගික විහිළුවක් මෑතකදී ක්‍රියාත්මක කළේය. ඔහුගේ චිත්‍රය වන “බැලුම සහ දැරිය” යන්න ලන්ඩනයේ සොතබි වෙන්දේසී ශාලාවේදී පවුම් මිලියනයකට විකිණුනි. වෙන්දේසිකරු “තුන් ඈවරයි” කියා කෑ ගැසුවේය. අනතුරු ඇඟවීමේ නළාවක් ශබ්ද විය. චිත්‍රය ලී ව්‍යුහය තුළ තිබු කැබළි කරන යන්ත්‍රය තුළට ලිස්සා වැටුණි. ඔහූගේ විනාශ වී යන කලා කෘතිය දෙස මුව අයා ගෙන බලා…

කොරෝනා වයිරසය: අවතාර පිරි නගරයක භීතියෙන් ජීවත් වීම වැනිය

කර්තෘ: කිම් චියුන්ග්, චීනය

 
කතු වැකිය: ශ්වසන මාර්ගයේ රෝගාබාධ ඇති කරන බෝවන වෛරසයක් වන කොරෝනා වයිරසය (2019-nCoV) 2019 දෙසැම්බර් 31 වන දින චීනයේ වුහාන් නගරයේ දී ව්‍යාප්තිය ඇරඹුනු අතර එතැන් සිට සංචාරකයින් විසින් වෙනත් රටවලට ගෙන යන ලදී. අද වන විට, මෙම වෛරසයෙන් 170 ක් මරණයට පත්ව ඇති අතර, ලොව පුරා සැක සහිත රෝගීන් 7,800 කට වඩා හමුවී ඇත.
පසුගිය දින…

වෙවුලන දණහිස් ශක්තිමත් කිරීම

මා දරුවෙකුව සිටින කාලයේ “උන්වහන්සේ මාගේ වරදින් එහා බලා මාගේ අවශ්‍යතාවය දකින සේක” යන ඩොටී රැම්බෝ විසින් ලියා ඇති ගීතය මා සිතුවේ “උන්වහන්සේ මාගේ වරදින් එහා බලා මාගේ දණහිස් දකින සේක” කියාය. මම එය දරුවෙක් සිතන ආකාරයට කල්පනා කළෙමි. උන්වහන්සේ මාගේ දණහිස් දෙස බලන්නෙන් ඇයි? ඒ ඒවා දුර්වල නිසාද? දුර්වල දණහිස් යනු “බිය” බව මම දැන සිටියෙමි. පසුව ඩොටී එම…

ජීවිතය පූර්ණත්වයට

වර්ෂය 1918 ය. පළමුවන ලෝක මහා යුද්ධය අවසන් වෙමින් තිබුණි. ඡායාරූප ශිල්පී එරික් එක්ස්ට්‍රොම් ඔහුගේ වැඩ වල එකතුවක් සාදමින් සිටියේය. බොහෝ සෙනගට හිස් බවක් දැණුන එම කාලයේ පූර්ණත්වය පෙන්නුම් කරන ඡායාරූපයක් ඇතුළත් කිරීමට ඔහුට අවශ්‍ය විය. දැන් ඔහු බොහෝ ආශා කරන එම ඡායාරූපයේ රැවුළ වැවුණු වයසක මිනිසෙකු මේසයක වාඩිවී ඔහුගේ හිස නවාගෙන යාච්ඤාවෙන් අත් එකතු කර ගෙන සිටී. මේසය මත…

පරණ මැටි භාජනයක්

වසර ගණනාවක් තුළ මා බොහෝ පැරණි මැටි භාජන එකතු කර ගෙන ඇත්තෙමි. මා ඉතා ආශා කරන එකක් නම් ආබ්‍රහම්ගේ කාලයේදී යැයි සැළකෙන ස්ථානයකින් හාරාගත් එකකි. මට වඩා වයසින් වැඩි එක් භාජනයක් එය වේ. එය අලංකාර දෙයක් නොවේ. කිලිටිවී, ඉරිතැලී, කඩතොළු වී ඇතුවාක් මෙන්න එය හොඳින් අතුල්ලා පවිත්‍ර විය යුතුය. එය මට මතක් කරන්නේ මා මැටිවලින් සාදන ලද මිනිසෙකු බවය. මාද…

මිත්‍රත්වයේ මේසය

අප්‍රිකානු රටක් වන සිම්බාබ්වේ හි යුද්ධ සහ අධික රැකියා විරහිතකම නිසා සෙනග අසරණ වෙති. ඒ ඔවුන්
“මිත්‍රත්ව මේසයක” බලාපොරොත්තුව ලබන තෙක්ය. බලාපොරොත්තු කැඩුණු අයට එහි ගොස් පුහුණුව ලත් ආච්චිලා සමග කථා කළ හැකිය. වැඩිමහල් ස්ත්‍රීන් මානසික අවපාතයෙන් පෙළෙන අයට ඇහුම්කන් දීමට ඉගෙන ගෙන තිබේ. ඔවුන්ගේ භාෂාව වන ෂෝනා භාෂාවෙන් එයට “කුෆුන්ගිසිසා” කියා කියනු ලැබේ. එහි අර්ථය “ඕනැවට වඩා සිතනවා” යන්නය.…

දෙවියන්වහන්සේ වෙත දරුවන් යොමු කිරීම

ප්‍රසිද්ධ අදේව දෘශ්ටිකයෙකු විශ්වාස කරන්නේ දෙමව්පියන් තම දරුවන්ට ධර්මය ඉගැන්වීම සදාචාරික නොවේය කියාය. ඔහු තවදුරටත් ප්‍රකාශ කරන්නේ තම දරුවන්ට තමන්ගේ ධර්මය උගන්වන්නෝ දරුවන් අපයෝජනය කරන බවය. මෙම මත ආන්තික වුවද තම දරුවන් ඇදහිල්ලට යොමු කිරීමට පැකිලෙන දෙමව්පියන් ගැන මම දනිමි. අපගේ දරුවන්ට කැමැත්තෙන්ම අපි අපගේ දේශපාලනය, පෝෂණය පිළිබඳ හෝ ක්‍රීඩා පිළිබඳ මතයන් උගන්වමු. නමුත් යම් හේතුවක් නිසා අපි දෙවියන්වහන්සේ පිළිබඳ…

විශාලතම අභිරහස

යේසුස්වහන්සේ තුළ ඇදහිල්ලට එන්නට ප්‍රථම මා ශුභාරංචිය අසා තිබුණ මුත් උන්වහන්සේගේ අනන්‍යතාවය මට ගැටළුවක් විය. බයිබලයේ සඳහන්වන්නේ පාප වලට සමාව දිය හැක්කේ දෙවියන්වහන්සේට පමණක් බවය. මගේ පාපවලට යේසුස්වහන්සේට සමාව දිය හැක්කේ කෙසේද? ජේ.අයි. පැකර්ගේ “දෙවියන්වහන්සේ දැන ගැනීම” නැමැති පොත කියවූ පසු එලෙස අරගල කරන්නේ මා පමණක් නොවන බව මට වැටහුණි. පැකර්ට අනුව නොඇදහිලිවතුන්ට බාධාවන කිතුණු ප්‍රකාශය නම් නාසෙරෙත්හි යේසුස්වහන්සේ දෙවියන්…

ප්‍රේමයට සීමා නැත

මාගේ ලැබ්‍රඩෝර් බල්ලාට අවධානය අවශ්‍ය වූ විට ඔහු මට අයත් යමක් රැගෙන මා ඉදිරියෙන් එහාට මෙහාට යන්නේය. එක් උදෑසනක මා පසු පස හැරී යමක් ලියමින් සිටි විට මැක්ස් මාගේ පසුම්බිය රැගෙන දිව ගියේය. මම එය නොදැක්කා යයි සිතා ගෙන ඔහු නැවත අවුත් නාසයෙන් මට තට්ටු කරමින් පසුම්බිය කටේ තබා ගෙන ඇස් නැටවීය. වල්ගය වැනීය. සෙල්ලම් කිරීමට මට හඬ ගැසීය.

මැක්ස්ගේ…

කැස්බෑවා සමග බලා සිටීම

සෑම සරත් සෘතුවේම තීන්ත ගා සිටින කැස්බෑවා ශීත සෘතුව එන බව දනී. ඇය තමා සිටින පොකුණේ පතුලටම කිමිදී මඩෙහි එරී සිටියි. ඇය කටුව තුළට වී නිශ්චල වේ. ඇයගේ හදවතේ ස්පන්දනය නවතින තරමට අඩුවේ. ඇගේ ශරීර ඌෂ්ණත්වය අවම වේ. හුස්ම ගැනීම නවත්වයි. ඇය බලා සිටී. හය මාසයක් ඇය මඩ යට ජීවත් වේ. ඇයගේ ශරීරය කැල්සියම් ඇයගේ රුධිර ප්‍රවාහයට නිකුත් කරයි. ඇයගේ…