ලොව වටා සෙනග ඩොලර් බිලියන 98.2 ක් චොකලට් සඳහා 2016 වසරේදී වියදම් කළෝය. ගණන ඉතා විශාල වූවත් එය එතරම් පුදුමයක් නොවේ. චොකලට් ඉතා මිහිරිය. අපි එය ආශාවෙන් භුක්ති විඳින්නෙමු. එහි සෞඛ්‍ය ගුණාංගද ඇති බව දැනගත් විට මුළු ලෝකයම එකා මෙන් ප්‍රීති වූහ. චොකලට් වල ශරීරය වයසට යාම අවම කරන සහ හෘද රෝගවලට විරුද්ධ ගුණාංග ඇත. සෞඛ්‍යයට යහපත් වන වෙන කිසිවක් එලෙස ජනප්‍රිය වී නැත (අනිවාර්යයෙන් ප්‍රමාණයකට ගත යුතු වේ).

සාලමොන් තවත් එවැනි “මිහිරි” දෙයක් ඇති බව යෝජනා කරයි : ඒ ප්‍රඥාවය. “හොඳ බැවින්” පැණි කන්න කියා ඔහු තම පුත්‍රයාට කියයි (හිතෝපදේශ 24:13). එහි මිහිරි බව ඔහු ප්‍රඥාව හා සංසන්දනය කළේය. දෙවියන්වහන්සේගේ ප්‍රඥාවෙන් පෝෂණය වන තැනැත්තා එය ආත්මයට මිහිරිවා පමණක් නොව ඉගැන්වීමටද පුහුණවටද අප ජීවිතයේ සෑම යහපත් ක්‍රියාවක් සඳහා සන්නද්ධ වීමටද එය හොඳ බව වටහා ගන්නේය (2 තිමෝති 3:16-17).

හොඳ තීරණ ගැනීමටද අප අවට ලෝකය තේරුම් ගැනීමටද ප්‍රඥාව අපට උපකාර වේ. එය ආයෝජනයටද සාලමොන් තම පුත්‍රයාට කිරීමට ආශා කළාවූ පරිදි අප ප්‍රේම කරන අය සමග බෙදා ගැනීමටද වටී. බයිබලයේ දේව ප්‍රඥාව තුළින් පෝෂණය වීම අපට යහපත් බව පෙනේ. එය දෙවියන්වහන්සේ විසින් අපව දිරිමත් කරන පරිදි අසීමිත ලෙස භුක්ති විඳිය හැකි මිහිරි මංගල්‍යයකි. දෙවියන්වහන්ස! ඔබගේ චචනයෙහි මිහිරිකම ගැන ඔබට ස්තුති කරමු.