අපගේ පෘථිවිය හිරුගේ රශ්මිය දරා ගැනීම පිණිස සුදුසුම ස්ථානයේ පිහිටා ඇති බව විද්‍යාඥයෝ දනිති. ටිකක් ළංවුවහොත් සිකුරු ග්‍රහයාගේ මෙන් සියලු ජලය වාෂ්ප වනු ඇත. ටිකක් ඈත් වුවහෝත් අඟහරුගේ මෙන් ජලය මිදෙනු ඇත. පෘථිවියෙහි ප්‍රමාණය නිශ්චිත නිසා නියමිත ගුරුත්වාකර්ෂණය ඇත. නැතිනම් සඳ මත මෙන් සෑම දෙයක්ම බර නැතිව පාවෙනු ඇත. ගුරුත්වාකර්ෂණය වැඩි නම් බ්‍රහස්පතිගේ මෙන් විස වායුව පිරී හුස්ම ගැනීමට නොහැකි වනු ඇත.

සංකීර්ණ, භෞතික, රසායනික සහ ජීව විද්‍යාත්මක සම්බන්ධතා අපගේ ලෝකයේ සංකීර්ණ සැළසුම් කරුවෙකුගේ මුද්‍රාව තබා ඇත. අපගේ අවබෝධයෙන් එහා යන මෙම නිර්මාණශීලිත්වයේ ඡායාවක් යෝබ්ට දෙවියන්වහන්සේ කථා කරන විට දක්නට ලැබේ. “මා පොළොව පිහිටෙවු කල නුඹ කොතැන සිටියෙහිද?” දෙවියන්වහන්සේ අසන සේක. “එකේ මිමි නියමකළේ කවුද? නුඹ දන්නෙහිද? නොහොත් ඊපිට ලණුව ඇද්දේ කවුද? එකේ අත්තිවාරම් දැමුවේ මොකක් පිටද? එකේ කොනේ ගල තැබුවේ කවුද?” (යෝබ් 38:4-6).

මැවීමේ විශාලත්වය අපට පෘථිවියෙහි බලවත් සාගර දණ නමන්නාවු තැනන්වහන්සේ ගැන සිතීමට අවකාශයක් දෙන්නේය. “මුහුද බිහිවී ගැබින් නික්ම ආ විට ඒක දොරවලින් වසා තැබුවෙත් කවුද? …. මෙතැන් දක්වා එන්නෙහිය. මින් එහා නොයන්නෙහිය” කීවේ කවුද?” (8-11 පද). විශ්මිතව, අපට පහන් තාරකා සමග ගායනා කරන දේවදුතයන් සමග ප්‍රීිතියෙන් මොර ගැසීමට හැකි වේවා (7 පදය). මෙම සංකීර්ණ ලොව මවා ඇත්තේ අප දෙවියන්වහන්සේ දැන උන්වහන්සේව විශ්වාස කරන පිණිසය.