ලුයිස්ට මාංශපේශී ආබාධයක් තිබේ. එක් දිනක් ඇය දුම්රියකින් බැසීමට උත්සාහ කරන විට උස පඩි පෙළක් ඇය දුටුවාය. එහි සෝපානයක් හෝ දුවන පඩිපෙලක් හෝ නොතිබුණි. කඳුළු කඩා හැලෙන්න ඔන්න මෙන්න තිබියදී හදිසියේම මනුෂ්‍යයෙක් එතැනට පැමිණ ඇයගේ බෑගය ඔසවා ගෙන පඩිපෙළ නගින්න මෘදු ලෙස ඇයට උපකාර කළේය. ඔහුට ස්තුති කිරීමට ඇය හැරුණ විට ඔහු ගොසිනි.

මයිකල් රැස්වීමකට යාමට ප්‍රමාද වී සිටියේය. සම්බන්ධතාවයක් බිඳී යාම නිසා දැනටමත් ආතතියෙන් සිටි ඔහු ලන්ඩනයේ වාහන තදබදය තුළ අරගලයක යෙදී සිටියේය. එහිදී ටයරයක හුළං බැස්සේය. වර්ෂාවේ ඔහු අසරණව සිටගෙන ඉන්නා විට මිනිසෙකු සෙනග අතරින් පිටතට පැමිණ ඩිකිය හැර කාරය ඔසවන උපකරණයෙන් වාහනය ඔසවා ටයරය මාරු කළේය. ඔහුට ස්තුති කිරීමට මයිකල් හැරුණු විට ඔහු ගොසින්ය.

මෙම අභිරහස් උපකාර කරුවන් කවුරුන්ද? දයාවන්ත අමුත්තන්ද නැත්නම් වෙනත් කවුරු හරිද?

දේවදූතයන් දීප්තිමත් තටු සහිත මැවිලි යයි අපි සිතා සිටිමු. එය සත්‍යයෙන් අඩකි (යෙසායා 6:2; මතෙව් 28:3). අනිත් දූතයන් මඩ සහිත පාද ඇති ආහාරයට සුදානම්ව එන්නෝය (උත්පත්ති 18:1-5). ඔව්හු සාමාන්‍ය සෙනග යයි අපි රැවටෙමු (විනිශ්චයකාරයා 13:1-16). හෙබ්‍රෙව් කර්තෘ පවසන්නේ අමුත්තන්ට සැලකීමෙන් අප නොදැනුවත්වම දේවදූතයන්ට සළකන බවය (13:2).

ලුයිස්ට සහ මයිකල්ට උදව් කළේ දේවදූතයන්දැයි අපි නිශ්චිතවම නොදනිමු. බයිබලයට අනුව එසේද විය හැකිය. දේවදූතයෝ අදද ක්‍රියාකාරීව සිටිති (හෙබ්‍රෙව් 1:14). ඔව්හු වීථියේ සිටින සාමාන්‍ය පුද්ගලයන් මෙන් දිස්විය හැකිය.