කිම් දොර අසළට යන විට ගම්මානයේ සීනු හැඩය ගත් ලිලීද, රෝස ටියුලිප්ද කහවර්ණ ඩැෆඩිල්ද යනාදී මල්වලින් පිරුණු මල් බඳුනක් ඇයව පිළිගන්නීය. මාස හතක් පුරා යේසුස්වහන්සේ තුළ සිටි නොදන්නා ඇදහිලිවන්තයෙක් ඇයට ප්‍රදේශයේ මල් සැළකින් මල් එවීය. මෙම මාසික තෑගි සෑම එකක්ම පැමිණියේ දේව වචනයේ දිරි ගැන්වීමක් සමග “ප්‍රේමයෙන් – යේසුස්ගෙන්” කියාය.

කිම් මුහුණු පොතෙහි මෙම රහස් ත්‍යාගවල ඡායාරූප පළ කළාය. එම මල් තනි පුද්ගලයෙකුගේ දයාව සැමරීමටද තමන්වහන්සේගේ සෙනග තුළින් දෙවියන්වහන්සේ ඇයට දැක්වූ කරුණාව පෙන්වීමටද ඇයට අවස්ථාවක් දුන්නාය. ඇය මරණීය රෝගයක් සමග සටන් කරන විට සෑම වර්ණවත් මලක් සමගම පැමිණි අතින් ලියූ සටහන් දෙවියන්වහන්සේ ඇය කෙරෙහි තබා තිබෙන ප්‍රේමණීය අනුකම්පාව ප්‍රදර්ශණය කළේය.

උන්වහන්සේගේ සෙනග දීමේදී ඇති කර ගත යුතු හදවතේ ආකල්පය මෙම නිර්ණාමික එවන්නාගේ හදවතින් යේසුස්වහන්සේ පිළඹිබු කරන්නේය. අන් අයට පෙනෙන පිණිස ධර්මිෂ්ඨව ක්‍රියා නොකරන පිණිස උන්වහන්සේ අපට අවවාද කළ සේක (මතෙව් 6:1). යහපත් ක්‍රියාවල ඉලක්කය විය යුත්තේ නමස්කාරයේ ප්‍රකාශයන්ය. ඒවා දෙවියන්වහන්සේට කෘතඥතාවයන් වශයෙන් අපගේ සිත් වලින් නික්මිය යුතුය. ගරුත්වය බලාපොරොත්තු වී අපගේ ත්‍යාගශීලිත්වය ඉස්මතු කිරීම සෑම යහපත් ක්‍රියාවක්ම අපට දෙන්නාවූ තැනන්වහන්සේගෙන් අපගේ අවධානය ඉවත් කරයි – එනම් යේසුස්වහන්සේගෙන්.

අප හොඳ අරමුණුවලින් දෙන විට දෙවියන්වහන්සේ දන්නා සේක (4 පදය). අපි උන්වහන්සේට මහිමයත්, ගෞරවයත් ප්‍රශංසාවත් දෙන විට අපගේ ත්‍යගශීලිත්වය ප්‍රේමයෙන් පිරීම දෙවියන්වහන්සේගේ කැමැත්තය.