“වසර සියයකට පසුවත් සෙනග මාව මතක් කරන්න ඕනෑ” යනුවෙන් තිර රචක රොඩ් සර්ලින් 1975 දී කීවේය. රූපවාහිණි වැඩසටහනක් වූ “ට්වයිලයිට් සෝන්” ලීවේ ඔහුය. ඔහු ලේඛකයෙක් බව සෙනග ප්‍රකාශ කිරීම ඔහුගේ ආශාව විය. උරුමයක් තබා යාමේ සර්ලින්ගේ ආශාව අප බොහෝ දෙනෙකුටද ඇත. ඒ අපගේ ජිවිත වලට අර්ථයක් සහ සදාකාලිකත්වයක් දීමටය.

යෝබ්ගේ කථාව අපට පෙන්නුම් කරන්නේ පහවී යන දින තුළ අර්ථය සෙවීමට පොරකන මිනිසෙකුගේ කථාවය. මොහොතකින් ඔහුගේ වස්තුව පමණක් නොව ඔහු ආදරය කළ දරුවන්ද ඔහුට අහිමි විය. ඉන්පසු ඔහුගේ මිතුරෝ ඔහුට සුදුසු ඉරණම ලැබූ බවට චෝදනා කළෝය. යෝබ් මොර ගැසුවේ “අනේ මාගේ වචන දැන් ලියනු ලැබුවොත් කොපමණ හොඳද? ඒවා පොතක සටහන් කර තබන්ටත් යකඩ පන්හිඳකින් හා ඊයම්වලින් සදාකාලේටම පර්වතයෙහි කොටා තබන්ටත් යෙදුණොත් කොපමණ හොඳද” (යෝබ් 19:23-24) යනුවෙනි.

යෝබ්ගේ වචන පර්වතයෙහි සදාකාලයට කොටනු ලැබීය. ඒවා බයිබලයෙහි තිබේ. නමුත් යෝබ්ට තමාගේ ජීවිතයෙහි උරුමයට වඩා අර්ථයක් අවශ්‍ය විය. ඔහු එය දෙවියන්වහන්සේගේ චරිතය තුළ සොයා ගත්තේය. “එහෙත් මාගේ මිදුම්කරුවාණන් ජීවත් වන බවද අන්තිමේදී උන්වහන්සේ පොළොව පිට සිටින බවද දනිමි” (යෝබ් 19:25) යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය. මෙම දැනුම ඔහුට නියම ආශාව ගෙන දුන්නේය. “මමම උන්වහන්සේව දකින්නෙමි. මාගේ හෘදය වස්තුව මා තුළ ක්‍ෂය වී තිබේ” යයි ඔහු කියයි (27 පදය).

අවසානයේ යෝබ් බලාපොරොත්තු වූ දෙය ඔහුට නොලැබුණි. නමුත් ඊට වඩා බොහෝ දේවල් ඔහුට ලැබුණි. ඒ සියලු අර්ථයේ සහ සදාකාලික බවේ මූලාශ්‍රයයි (42:1-6).