ඉතාලියේ පීසා හි පිහිටි සුප්‍රසිද්ධ ඇලවෙන කුළුණ ගැන ඔබ සමහර විට අසා ඇත. නමුත් සැන් ෆ්‍රැන්සිස්කෝහි ඇලවෙන කුළුණ ගැන ඔබ අසා තිබේද? එයට සහස්‍ර කුළුණ කියාද කියනු ලැබේ. එය සාදන ලද්දේ 2008 දීය. මෙම තට්ටු 58 ක කුළුණ අහංකාරවත්ව නැගී සිටින නමුත් එය මදක් ඇලව තිබේ. එය ඇත්තේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගර මධ්‍යයේය.

ගැටළුවක් තිබේ. ඉංජිනේරුවරුන් අත්තිවාරම නියමිත ගැඹුරට නොදැම්මෝය. දැන් අත්තිවාරම ශක්තිමත් කළ යුතුය. ඊට මුළු කුළුණ සෑදීමට එකල ගිය මුදලට වඩා මුදලක් වියදම් වනු ඇත. සමහරු සිතන්නේ එය භූමිකම්පාවකදී නොවැටෙන පිණිස එසේ කළ යුතු බවයි.

එහි ඇති වේදනාකාරී පාඩම නම් අත්තිවාරම වැදගත් බවයි. ඔබගේ අත්තිවාරම ශක්තිමත් නොවන විට ඛේදවාචක පැමිණෙනු ඇත. යේසුස්වහන්සේ තම කන්ද උඩ දේශනාව අවසානයේ එවැනි දෙයක් ඉගැන්වූ සේක. මතෙව් 7:24-27 දක්වා උන්වහන්සේ, ගොඩනගන්නන් දෙදෙනෙකු සංසන්දනය කරන සේක. කෙනෙකු පර්වතයක් මතද අනෙකා වැලි මතද ගොඩනැගුවෝය. කුණාටුවක් පැමිණි විට ඉතිරි වූයේ පර්වතය මත ගොඩ නැගූ ගෙය පමණි.

ඉන් අපට අර්ථවත් වන්නේ කුමක්ද? අපගේ ජීවිත උන්වහන්සේ කෙරෙහි කීකරුකමෙන් සහ විශ්වාසයෙන් ගොඩ නැගිය යුතු බව යේසුස්වහන්සේ පැහැදිළිව කියන සේක (24 පදය). අපි උන්වහන්සේ තුළ පවතින විට දෙවියන්වහන්සේගේ බලයෙන් සහ නොනවතින කරුණාව තුළින් අපගේ ජීවිත වලට දැඩි පොළොවක් සොයා ගත හැකිය.

අප කිසිදා කුණාටු වලට මුහුණ නොදෙනු ඇතැයි ක්‍රිස්තුස්වහන්සේ පොරොන්දු නොවේ. උන්වහන්සේ අපගේ පර්වතය වූ කල උන්වහන්සේ තුළ ඇති අපගේ ස්ථිර ඇදහිල්ලේ අත්තිවාරම එම කුණාටුවලට කිසි දිනෙක සෝදා හැරිය නොහැකිවේ.