මිථ්‍යා කථාවලට අනුව මධ්‍යතන යුගයේ සිතියම්වල සීමාවන් ලකුණු කරද්දී “මෙහි මකරු සිටිති” යන වචන ලීවෝය. සමහර විට එහි සිටිය හැකි මකරුන්ගේ චිත්‍රද ඇඳ තිබුණි.

මධ්‍යතන සිතියම් අඳින්නෝ ඇත්තෙන්ම එලෙස ලීවා කියා වැඩි සාක්‍ෂි නැත. නමුත් එසේ තියෙන්න ඇතැයි මම සිතමි. ඒ කාලයේ මා ලීවා නම් මමද “මෙහි මකරුන් සිටිති” කියා ලියනු ඇත. ඒ මා නොදන්නා ස්ථාන වලට පය තැබුවහොත් භයංකාරත්වයන් තිබිය හැක යන අනතුරු ඇඟවීමය.

නමුත් මාව ආරක්‍ෂා කර ගැනීමේ සහ අවදානම් මග හැරීමේ එක් ගැටළුවක් තිබේ. එය යේසුස්වහන්සේගේ ඇදහිලිවන්තයෙකු ලෙසට මට දී ඇති ධෛර්යයේ අනිත් පැත්තය (2 තිමෝති 1:7).

ඇත්තෙන්ම භයංකාර දෙය ගැන මට වැටහීමක් නැතැයි යමෙකු කිව හැකිය. පාවුල් කී ලෙස, කැඩුණු බිඳුණු ලොවක ක්‍රිස්තුස්වහන්සේව නිර්භිතව අනුගමණය කිරීම වේදනාකාරී විය හැකිය (8 පදය). නමුත් මරණින් ජීවනයට පැමිණ සිටින අප තුළ සහ තුළින් ආත්මයාණන් ගලා යෑම භාරවී ඇති අය ලෙස (9-10, 14 පද) අප එසේ නොකර ඉන්නේ කෙසේද?

මෙවැනි විශාල ත්‍යාගයන් දෙවියන්වහන්සේ දුන් විට බියෙන් පැකිලීම විශාල ඛේදවාචකයක් වේ. ඒ අප නොදන්නා කලාපයකට දෙවියන්වහන්සේ අප ගෙන යන විට අප මුහුණ දිය හැකි වෙනත් දෙයකට වඩා විශාලය (6-8, 12 පද). අපගේ සිත සහ අනාගතය ගැන අපට උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකිය.