පස් හැවිරිදි එල්ඩන් යේසුස්වහන්සේ සවර්ගය අත්හැර පොළොවට පැමිණි බව කියනවා අසා සිටියේය. උන්වහන්සේ අපගේ පාප වෙනුවෙන් මියගිය නිසා ස්තුතියි කියා සභා පාලක කියන විට එල්ඩන් පුදුම විය.
“අයියෝ නැහැ! උන්වහන්සේ මිය ගියාද?” කියා ඔහු විශ්මයෙන් මොර ගැසීය.

ක්‍රිස්තුස්වහන්සේ මෙලොව ජීවිතය ආරම්භ කළ දවසේ සිට උන්වහන්සේ මැරෙනවා දැකීමට ආශා කළ අය සිටියෝය. හෙරොද්ගේ කාලයේදී නැණවත්තු “යුදෙව්වන්ට රජව උපන් තැනන්වහන්සේ කොතැන්හිද? මක්නිසාද අපි උන්වහන්සේට නමස්කාර කරන පිණිස ආවෙමු” යයි කීවෝය (මතෙව් 2:2). රජුට එය ඇසුණු විට තමාගේ තත්ත්වය යේසුස්වහන්සේට කවදා හෝ අයිති වේ යැයි රජුට භියක් දැනුණේය. ඒහෙයින් බෙත්ලෙහෙම අවට සිටි වයස අවුරුදු දෙක සහ දෙකෙන් පහළ සියලු පිරිමි දරුවන් මැරීමට හෙරොද් සොල්දාදුවන් එවීය. දෙවියන්වහන්සේ තම පුත්‍රයා ආරක්‍ෂා කළ සේක. උන්වහන්සේගේ දෙමාපියන්ට පළාත හැර යන ලෙසට අනතුරු ඇඟවීමට උන්වහන්සේගේ දේවදුතයෙක් එවු සේක. ඔවුන් පැන ගොස් ගැළවුණෝය (13-18 පද).

යේසුස්වහන්සේ තම සේවය සම්පූර්ණ කළ පසු ලෝකයේ පාපය නිසා උන්වහන්සේව කුරිසිපත් කෙරුණි. උන්වහන්සේට අපහාස කිරීමේ අදහසින් වුවත් කුරුසියේ උන්වහන්සේගේ හිසට උඩින් ගසා තිබු සටහනේ ලියා තිබුණේ “මොහු යුදෙව්වන්ගේ රජවූ යේසුස්ය” (27-37) කියාය. දින තුනකින් උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුණු සේක. ස්වර්ගයට නැගීමෙන් පසු රජුන්ගේ රජු සහ ස්වාමින්ගේ ස්වාමින් ලෙස සිංහාසනයේ වාඩිවූ සේක (පිලිප්පි 2:8-11).

රජ තුමා අපගේ පාප එනම් ඔබගේත් මගේත් එල්ඩන්ගේත් පාප වෙනුවෙන් මිය ගිය සේක. අපගේ හදවත් වල පාලනය උන්වහන්සේට භාර දෙමු.