වයස අවුරුදු පනහේදී වොලස් ස්ටෙග්නර්ගේ මව මිය ගියාය. ඔහුට වසර අසූවක් වූ විට ඔහු ඇයට සටහනක් ලීවේය. එහි මාතෘකාව වූයේ “බොහෝ ප්‍රමාද ලිපිය” කියාය. ඔහු එහිදී ඇය හැදී වැඩී විවාහ වී බටහිර එක්සත් ජනපදයේ එකල තිබූ කටුක පරිසරය මැද දරුවන් දෙදෙනෙකු හදා වැඩූ ස්ත්‍රියක් ලෙස ඇයව හඳුන්වා දුන්නේය. ඇය ආශාවක් ඇති නොවන පුද්ගලයින් පවා දිරිමත්කළ භාර්යාවක් සහ මවක් වූවාය. තම මව ඇයගේ කටහඬින් ඉස්මතු කළ ධෛර්යය වොලස් විස්තර කර තිබේ. ගායනා කිරීමේ අවස්ථා ඇය පැහැර හැරියේ නැත. ඇය ජීවත් වූ තාක් ගායනා කළාය. ඒ කුඩා සහ විශාල ආශිර්වාද ගැන කෘතඥතාවය පළ කිරීමටය.

ගීතිකාකරුද ගායනා කිරීමට අවස්ථා සොයා ගත්තේය. දිනයන් යහපත් වූ විට ඔහු ගායනා කළේය. ඒවා එතරම් හොඳ නැති විටත් ඔහු ගායනා කළේය. එම ගීතිකා බලයෙන් හෝ අසීරුවෙන් පැමිණී ඒවා නොවේ. නමුත් “අහසත් පෙළොවත් මුහුදත්” මැවූ තැනන්වහන්සේට ඒවා ප්‍රතිචාරයන්ය (146:6). “බඩගිනි වූවන්ට කෑම දෙන” (7 පදය) “අන්ධයන්ගේ ඇස් පහදන” (8 පදය) “පියා නැත්තා සහ වැන්දඹුවට උපකාර කරන”(9 පදය) තැනන්වහන්සේට ස්තුති දීමටය. එය අනිවාර්යයෙන් ප්‍රශංසාවේ ජීවිත රටාවකි. අප දිනපතා විශ්වාසය
“යාකොබ්ගේ දෙවියන්වහන්සේ” කෙරෙහි තබන විට ශක්තිය ගොඩ නැගෙන්නේය. උන්වහන්සේ සදාකාලයට විශ්වාසවන්තය” (5-6 පද).

අපගේ කටහඬවල ගුණාත්මක භාවයේ ගැටළුවක් නැත. නමුත් දෙවියන්වහන්සේගේ සදාකාලික යහපත්කමට ප්‍රතිචාරය අවශ්‍ය වේ – ඒ ප්‍රශංසාවේ ජීවිත රටාවකි. පැරණි ගීයක සඳහන් වන ලෙස “මා තුළ රිද්ම රාව ගලා යන්නේය”.