ජෙෆ් අලුත් ඇදහිලි වන්තයෙක් වූ කාලයේ ඔහු ප්‍රධාන තෙල් සමාගමක රැකියාවේ නිරතව සිටියේය. ඔහුගේ රැකියාව වෙළඳ නියෝජිතයෙක් වීම නිසා ඔහුට ගමන් කිරීමට සිදුවිය. එවැනි ගමන් වලදී ඔහුට බොහෝ සෙනගගේ ජීවිත කථා ඇසිමට සිදුවිය. ඉන් බොහෝමයක් සිත් කලඹන සුළු විය. තම පාරිභෝගිකයන් හට අවශ්‍ය මූලික දෙය තෙල් නොව සානුකම්පාව බව ඔහුට වැටහුණි. ඔවුන්ට දෙවියන්වහන්සේ අවශ්‍ය විය. ඒ හෙයින් දෙවියන්වහන්සේගේ හදවත ගැන තව තවත් ඉගෙනීමට ඔහු සෙමනේරියකට ඇතුළත් විය. කෙමෙන් ඔහු සභාපාලකයෙක් බවට පත් විය.

ජෙෆ්ගේ සානුකම්පාවේ මූලාශ්‍රය යේසුස් තුළ විය. මතෙව් 9:27-33 දක්වා අන්ධයන් දෙදෙනෙකු සහ එක් යක්‍ෂාවේශ මනුෂ්‍යයෙක් සුව කිරීමේ කථාවේදී අපි ක්‍රිස්තුස්වහන්සේගේ සානුකම්පාවේ බිඳක් දකිමු. උන්වහන්සේගේ භෞමික සේවාව තුළ උන්වහන්සේ ශුභාරංචිය දේශනා කරමින් සෙනග සුව කරමින් සියලු ගම් සහ නගර තුළින් ගිය සේක (35 පදය). ඒ ඇයි? “උන්වහන්සේ සමූහයන් දැක ඔවුන් එfඬ්රෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පා කළ සේක” (36 පදය).

අදද ලෝකය කරදර සහ සිත් රිදීම්වලින් පිරි සෙනගකගෙන් පිරී තිබේ. ඔවුන්ට ගැළවුම්කරුවාණන්ගේ මෘදු සැළකිල්ල අවශ්‍ය වේ. තම බැටළුවන්ට මග පෙන්වන සහ ඔවුන්ට ආරක්‍ෂාව දෙමින් බලා ගන්නා එfඬ්රෙකු ලෙස යේසුස් වහන්සේ තමන් වෙත එන සියල්ලන්ට තම සානුකම්පාව දිගු කරන සේක (11:28). අපි ජීවිතයේ කොතැන සිටියද කුමක් අත්දැක්කද උන්වහන්සේ තුළ මෘදුකම සහ සැලකිල්ල උතුරා යන හදවතක් අපි දකිමු. අප දෙවියන්වහන්සේගේ ප්‍රේමණිය සානුකම්පාව ලබා ගන්නන් වෙමුව. අප එය අන් අය සමග බෙදා නොගෙන සිටින්නේ කෙසේද?