1840 දී ඉලෙක්ටි්‍රක් ඔරලෝසුව සොයා ගත් දිනයේ සිට බොහෝ දේවල් වෙනස් වී ඇත. ස්මාර්ට් ඔරලෝසු, ස්මාර්ට් දුරකථන සහ ලැප්ටොප් වල අපි අද වේලාව තබමු. ජීවිතයේ මුළු අවකාශයම වේගවත් වී ඇත. විනෝදයට ඇවිදීම පවා වේගවත්වී ඇත. මෙය නගරවල විශේෂයෙන් සිදුවන අතර එය සෞඛ්‍යයට අහිතකරය. විද්වතුන් පවසන්නේ අපි වඩා වේගයකින් එහේ මෙහේ යන බවත් සෙනග වෙත හැකි ඉක්මණින් ළඟා වෙන බවත්ය. මහාචාර්ය රිචඞ් වයිස්මන් නිරීක්‍ෂණය කරන්නේ අපි සෑම දෙයක්ම මේ දැන්ම සිදුවිය යුතුය කියා සිතනවා” යනුවෙනි.

පැරණිම බයිබල් ගීතිකාවක කර්තෘ වන මෝසෙස් වෙලාව ගැන සඳහන් කරයි. ඔහු අපට සිහිපත් කරන්නේ දෙවියන්වහන්සේ ජීවිත අවකාශය පාලනය කරන බවයි. “ඔබ ඉදිරියේ අවුරුදු දහසක් පසුවූ ඊයේ දවසටත් රෑ යාමයකටත් සමානය” (ගීතාවලිය 90:4) කියා ඔහු කියයි.

කාලය පාලනය කිරීමේ රහස වන්නේ වේගයෙන් හෝ සෙමෙන් යාම හෝ නොවේ දෙවියන්වහන්සේ සමග පැවතීම සහ උන්වහන්සේ සමග වැඩිපුර කාලය ගත කිරීමය. එවිට අපි එකිනෙකා සමාන්තර වන්නෙමු. නමුත් පළමුවෙන් අපව සාදා ඇති (139:13) සහ අපගේ අරමුණ සහ සැලසුම් දන්නා තැනන්වහන්සේ (16 පදය) සමගය.

පොළොවේ අප ජීවත්වන කාලය සදාකාලික නොවේ. නමුත් එය ණැනවත්ව පාලනය කිරීමට අපට පුළුවන. ඒ වෙලාව බැලීමෙන් නොව සෑම දිනයක්ම දෙවියන්වහන්සේට දෙමිනි. මෝසෙස් කිවු පරිදි “ඥානවන්ත සිතක් ලබා ගන්නා පිණිස අපේ දවස් ගණින්ට ඉගැන්වුව මැනව” (90:12). එවිට දෙවියන්වහන්සේ සමග අපි සැම විටම එනම් දැනුත් සදාකාලයටත් හරි වෙලාවට සිටිනු ඇත.